විදුලියෙන් සිදුවන අනතුරු වලක්වා ගැනීම
 
අපිට විදුලියෙන් අනතුරැ සිදුවිය හැකි අවස්ථා මොනවාදැයි බලමු.


  • බිම වැටී ඇති විදුලි කම්බියක් ශරීරයේ ගැටුන හොත් විදුලි සැර වැදී අනතුරැ සිදුවිය හැක.

  • මහා මාර්ගයේ ඇති ප්‍රධා විදුලි රැහැන් වලින් වංචනික ලෙස විදුලිය ගැනීමට තැත්   කළහොත් එවැනි අවස්ථා වලදී විදුලි සැර වැදී අනතුරැ සිදුවිය හැක.

  • නිවසේ ඇති විදුලි රැහැන් පද්ධතියට මීයන්ගෙන් වැනි සතුන්ගෙන් රැහැන් පළුදුවී ලුහුවත් වීම් සිදුවී විශාල ගිනි ගැනීම් හා විදුලි සැර සැර වැදීම් සිදුවිය හැක.
     
  • නිවස තුල සවිකර ඇති විදුලි කෙවෙනි තුලට ඇගිලි දැමීම හෝ සන්නායකයක් ඇතුල් කර එය එය අතින් අල්ලාගෙන සිටීමෙන්ද විදුලි සැර වැදී අනතුරැ සිදුවිය හැක.

  • අප භාවිතා කරණ විදුලි උපකරණ වල ඇති දුර්වලතා නිසාද විදුලිය ලුහුවත්වීම් සිදුවී විදුලි සැර වැදී අනතුරැ සිදුවිය හැක.

  • යම් විදුලි උපකරණයක් විද්‍යුත් කෙවෙනියකට නිසියාකාර ලෙස සවිකර නොමැති විට විදුලි ලුහුවත්වීම් (ෂෝට් වීම්) සිදුවී ගිනි අනතුරැ වැනි අනතුරැ සිදුවිය හැක.

  • විදුලි උපකරණ වල ඇති පරිවාරකොටස් වලට හානි වීම් හෝ ක්ෂය වීම් සිදුවීමෙන් එය ප්‍රධාව විදුලියට සම්බන්ධ කර ක්‍රියාත්මක වන මොහොතකදී එය ඇල්ලුවහොත් විදුලිසැර ශරීරගත වී අනතුරක් සිදුවිය හැක.
(c) Shilpa Sayura Foundation 2006-2017