- සහල් ජලයේ දැමීමෙන් දහයියා වෙන් කර ගත හැක.
- දහයියා, බොල් වී වැනි දේ සැහැල්ලු නිසා ජලය මත පාවේ. මේ නිසා මේවා ජලයත් සමගම ඉවත් කළ හැක.
- සහල් වලින් ගල් ඉවත් කිරීමේදී එම ගල් කැට නෑඹිලියේ පතුලට කිඳා බසී.
- ගැරීමේදී එම ගල් කැට නැඹිලියේ කට්‌ට අතර රැඳේ. එවිට සහල් පමණක් ජලය සමග ඉවතට ගත හැක.