සංශුද්ධ ද්‍රව්‍ය හා සංශුද්ධ නොවන ද්‍රව්‍ය
 * සංශුද්ධ ද්‍රව්‍ය යනු එක්‌ ද්‍රව්‍යක්‌ පමණක්‌ ඇති ද්‍රව්‍යයි. සංශුද්ධ ද්‍රව්‍යකට තවත් යම ද්‍රව්‍යක්‌ එකතු වූ විට සංශුද්ධ නොවන ද්‍රව්‍ය සෑදේ.

* සංශුද්ධ ද්‍රව්‍ය සෑම විටම ඒකාකාරව පවතී.ඒවා එකම උෂ්ණත්වයකදී මිදෙයි.මේවායෙහි තාපාංකද එකම උෂ්ණත්වයක පවතී. සංශුද්ධ ද්‍රව්‍ය වල එසේ නොවේ.ඒහි ද්‍රව්‍ය එකට වඩා ඇති නිසා තාපාංක, ද්‍රවාංක සංශුද්ධ ද්‍රව්‍ය වලින් වෙනස්‌ වේ.

* ඝන වීම, ද්‍රව වීම, වාෂ්ප වීම යන තත්ව සියළු ද්‍රව්‍යකම පවතී. සමජාතීය ද්‍රව්‍යයක්‌ යනු කුමන ස්‌ථානයකදී වුවත් හැඩයෙන් හා ගුණයෙන් එක සමාන ද්‍රව්‍යයි. එසේ නොවන ද්‍රව්‍ය විෂම ජාතීය ද්‍රව්‍යයි.සංශුද්ධ ද්‍රව්‍ය සමජාතීය වේ.

සංශුද්ධ හා සංශුද්ධ නොවන ද්‍රව්‍ය පහත වෙන් වෙන් වශයෙන් දැක්‌වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017