පාර්ලිමේන්තු වාර්තා පොත ද ඇතුළුව සියලුම පාර්ලිමේන්තු ලිපි ලේඛනවල නිල ලාංඡනය වශයෙන් සෙංකෝලය යෙදෙන්නට පටන්ගත් ආකාරය පසුගිය ලිපියෙන් විස්තර කෙරුණි. සෙංකෝලයෙහි යෙදී තිබෙන සිංහල සැරැසිලි මෝස්තර වෙන් වශයෙන් පෙන්නුම් කරන චිත්‍රයක් ඇත. (සෙංකෝලයේ සැලැස්ම නිර්මාණය කළේ රජයේ කලායතනයේ චිත්රකලා ආචාර්යවරයකු වශයෙන් සේවය කළ එස්.පී.චාල්ස් මහතායි.)
ජයවර්ධනපුර නව පාර්ලිමේන්තුව විවෘත වීමෙන් පසු එහි හැන්සාඩ් වාර්තාව දිග පළලින් ද වැඩි කෙරුණු හෙයින් එය බ්‍රිතාන්‍යය ඕස්ට්‍රේලියාව හා කැනඩාව යන රටවල එම වාර්තා පොත හා සම ප්‍රමාණවීම ද අපගේ පාර්ලිමේන්තු වාර්තා පොතෙහි සිදුවූ තවත් ඓතිහාසික වෙනසකි. 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වු විට හැන්සාඩ් යන නාමය මේ වාර්තා පොතේ පිට කවරයෙන් ඉවත් කරන ලද නමුත් 1977 ව්‍යවස්ථාව මගින් ඒ නාමය යළිත් යෙදුණේ ය. එහෙයින්, පාර්ලිමේන්තු වාර්තා පොතේ නිර්මාතෘ තෝමස් කර්සන් හැන්සාඩ්ගේ ඓතිහාසික නාමය තවදුරටත් අනුස්මරණය කෙරෙන තැනට කටයුතු සැලසිණි.
හැන්සාඩ් වාර්තාවේ තිඹිරිගෙය 'පාර්ලිමේන්තු ක්රමයේ මව' වශයෙන් සැලකෙන බ්‍රිතාන්‍යයයි. එළිසෙබෙත් යුගයට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ ප්‍රකාශන සම්බන්ධයෙන් දත හැකි දේ ඉතා අල්ප යැයි 'ද ඉංග්ලිෂ් පාලිමන්ට්' (The English Parliament) යනුවෙන් පොතක් ලියා පළකළ කෙනත් මැකන්සි නම් ලේඛකයා එම ග්රන්ථයෙහිලා සඳහන් කරයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙහි සම්මත වුණු පනත් ප්‍රාදේශීය අධිකරණ මගින් ප්‍රකාශයට පත්කිරීම මුල්ම යුගයේ සාමාන්‍ය සිරිතක් ව පැවති අතර එවකට පැවති රාජ්‍යවල මූලික අවශ්‍යතාවක් බවට ද පත්ව තිබිණැයි එම ග්‍රන්ථයේ දැක්වෙයි. එමෙන් ම සියලු අධිකරණ වාර්තාවල පිටපත් පේළි දහයකට පැන්සය බැගින් ගෙවා ලබා ගැනීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ රාජකාරියේ කොටසක් වී තිබුණු බව ද කෙනත් මැකන්සි පෙන්වා දෙයි. එහෙත් දහසය වැනි, දහහත්වැනි හා දහඅටවැනි සියවස් වලදී බ්‍රිතාන්‍ය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් ඇති කරන ලද දැඩි රහස්‍යතාව ඊට පෙර වකවානුවල පැවැති බවට කිසිදු සාධකයක් නැති බව ද මැකන්සි සඳහන් කරයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වුණු වාද විවාද හා සම්මත වුණු පනත් යනාදිය පිළිබඳ විස්තර බාහිර ලෝකයෙන් වසන් කරනු පිණිස දැඩි රහසිගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරුණේ එලිසෙබෙත් රාජ්‍ය සමයේ මුල් ම යුගයේ දී ය. ඒ කාලයේ දී සියලු මන්ත්‍රීන් වෙත පහත සඳහන් නියෝගය නිකුත් කෙරුණේ ය. "පාර්ලිමේන්තුවේ කටයුතු වලට සම්බන්ධ සෑම පුද්ගලයෙක් ම පාර්ලිමේන්තුව තුළ කෙරෙන විවාද හා වෙනත් කටයුතු පිළිබඳ රහස්‍යතාව තරයේ රැකගත යුත්තේ ය. පාර්ලිමේන්තුවට සම්බන්ධයක් නොමැති කිසිදු පුද්ගලයකුට ඒ කටයුතු කිසි විටෙකත් අනාවරණය නොකළ යුත්තේ ය. පාර්ලිමේන්තු කටයුතු වලට සම්බන්ධ කවර හෝ පුද්ගලයකු මේ නියෝගය කඩකළහොත් ඔහු පාර්ලිමේන්තු සේවයෙන් නෙරපා හැරීමට හෝ පාර්ලිමේන්තුව විසින් කෙරෙන වෙනත් ආකාරයක හෝ ඳඬුවමකට යටත් විය යුත්තේ ය."
- පාර්ලිමේන්තුව විසින් පැනවූ නීති ක්‍රියාත්මක කිරීම.
- අමාත්‍යාංශ අයවැය ඇස්තමේන්තු සැකසීම.
- අතුරු අයවැය ඇස්තමේන්තු සැකසීම.
- විවිධ අමාත්යාංභවල කටයුතු ඒකාබද්ධ කිරීම.
විවිධ අමාත්‍යාංශ භාරව කටයුතු කළත් රටේ සමස්ත පාලනය සඳහා