පාර්ලිමේන්තු වාර්තා පොත අප, රටේ බිහිවුණු මුල්ම කාලයේ දී එය ප්‍රකාශයට පත්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණකි. ඊට හේතු වූයේ එකල පැවැති ව්‍යවස්‌ථාදායකය තුළ මන්ත්‍රීවරුන් ඉංග්‍රීසි භාෂාවෙන් ම පමණක් වාද විවාද පැවැත්වීමයි. සිංහල හා දමිළ යන භාෂා වලින් කතා කළ හැකි මන්ත්‍රීවරුන් එහි සිටියත් තමන්ගේ මවු භාෂාවලින් ව්‍යවස්‌ථාදායකය තුළ කතා කිරීමේ අවසරයක් ඔවුනට නොතිබිණි.
එහෙත් කලකට පසු ඒ තත්ත්වය වෙනස් වී කතානායක තුමාගේ අවසරය කල්තියා ලබාගෙන සිංහලයෙන් හෝ දෙමළෙන් කතා කිරීමේ ඉඩකඩ මන්ත්‍රීවරුනට ලැබිණි. සිංහල, දමිළ හෝ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් තමන් කැමති බසකින් පාර්ලිමේන්තුව තුළ කතා කිරීමේ අවසරය මැති ඇමතිවරුනට ලැබුණේ එයින් ද කලකට පසුව ය.
ඇතිවුණු ඒ විපර්යාසයේ ප්‍රතිඵලයක් වශයෙන් සිංහල දමිළ දෙබස් ද හැන්සාඩ් වාර්තාවට ඇතුළත් වූ අතර මැති ඇමතිවරුන්ගේ කතා, ඒවා පැවැත්වෙන භාෂාවෙන් ම හැන්සාඩ්ගත වන්නේ ය. එපමණක් නොව සියලුම ශීර්ෂ පාඨ, තීරණ, නියෝග හා කතාව කළ ඇමතිවරයාගේ හෝ මන්ත්‍රීවරයාගේ නම ද භාෂා තුනෙන් ම හැන්සාඩ් වාර්තාවෙහි දැක්‌වෙයි. හැන්සාඩ් වාර්තාවක් ගෙන බැලුවහොත් ඔබට එය වඩාත් හොදින් තේරුම් ගන්නට පිළිවන.
යටත් විජිත යුගයේ සිට මේ දක්‌වා කාලය තුළ හැන්සාඩ් වාර්තාවෙහි ඉතා වැදගත් බාහිර වෙනස්‌කම් කීපයක් ද කාලානුරූපව වරින් වර සිදුවූයේ ය. වාර්තාවේ මුල් පිට කවරයේ මුදුනෙහි ඇති රාජ්‍ය ලාංචනය අවස්‌ථා හතරක දී ම වෙනස් වීම ඉන් එකකි. ඊන් තුන් වතාවක දී ම ඒ වෙනස හැන්සාඩ් වාර්තාවෙහි පමණක් නොව සියලුම රාජ්‍ය ලේඛනවල පොදුවේ සිදුවූයේ ය. අප රට බ්‍රිතාන්‍යයන්ගේ පාලන යටතේ පැවැති කාලයේ සියලුම රාජ්‍ය ලිපි ලේඛනවල මුදුනෙහි යෙදුණේ සිංහයාත් කඟවේනත් සහිත බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංචනයයි. පහත දැක්‌වෙන්නේ එම ලාංඡනයේ පින්තුරයකි.
එනම් කතානායකතුමාගේ බල සංකේතය වන සෙංකෝලය හෙවත් වේත්‍රය පාර්ලිමේන්තු නිල ලාංඡනය වශයෙන් හැන්සාඩ් වාර්තාවේ මුල් පිට කවරයේ මුදුනෙහි යෙදෙන්නට වීමයි. එතැන් පටන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ මුල් පිට කවරයේ මුදුනේත් සියලුම පාර්ලිමේන්තු ලිපි ලේඛනවලත් යෙදෙන්නේ එම ලාංඡනයයි.