1564-1644
විශ්වයේ මධ්‍යස්‌ථානය සූර්යයාය යන අදහස ලෝකය ඉදිරියේ තැබුවේ කොපර්නිකස්‌ය. ඔහුගේ මෙම ඉගැන්වීම පිළිගැනීමට එවකට සිටි විද්‍යාඥයින් ඇතුළු බොහෝ දෙනා එකවරම සූදානම් නොවූ නමුත් එම ඉගැන්වීම නිසා මිනිසුන්ගේ අදහස් වල ක්‍රමයෙන් ඇති වූයේ විප්ලවයකි. ඔහුගේ ඉගැන්වීම පිළිගෙන එය පැතිර වීමට උත්සාහ කළ කීප දෙනෙක් කොපර්නිකස්‌ගේ කාලයට අනතුරුව ඇතිවූහ. වර්ෂ 1564 පෙබරවාරි 15 දින ඉතාලියේ පීසා නගරයේ උපන් ගැලිලියෝ ගැලිලි ඉන් කෙනෙකි. කොපර්නිකස් මෙන්ම ගැලිලියෝද නව විද්‍යා ඥාණයක් ලෝකයට ඇතිකර දුන්නේය.
ගැලිලියෝ ගැලිලිගේ පියා වින්සෙන්සෝ ගැලිලි සංගීතඥයෙක් වීය. සංගීත වෘත්තියෙන් එතරම් ආදායමක් නොලැබූ වින්සෙන්සෝට තම පුත්‍රයා නගරයේ උසස් පාසලකට යැවීමේ ශක්‌තියක් නොතිබුණි. ඒ නිසා ප්ලොරන්ස් නගරය අසල වැලම්බ්‍රෝසා නම් ගමේ පාසලේ මූලික අධ්‍යාපනය ලැබීමට ගැලිලියෝට සිදුවිය. 1581 දී වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ඔහුගේ පියා විසින් ගැලිලියෝ පීසා සරසවියට ඇතුළත් කරන ලදී. එහෙත් වෛද්‍ය විද්‍යාව කෙරෙහි උනන්දුවක් නොදැක්‌වූ හේ. ඒ බව පියාට දන්වා තමාට ගණිතය ඉගෙනීමට ආශාවක් ඇති නිසා ඒ පිළිබඳ තමාට උපකාර කරන ලෙස පියාගෙන් ඉල්ලීය. තම පුත්‍රයාගේ කැමැත්ත පරිදි, 'ඔස්‌ටීලියෝ රිසි' නම් ගණිතඥයා යටතේ ගණිතය ඉගෙනීමට වින්සෙන්සෝ ගැලිලි තම පුතාට සියලුම පහසුකම් සැලැස්‌වීය.
මේ අතර එක් දිනක් පල්ලියට ගොස් වාඩිවී සිටි ගැලිලියෝ පල්ලියේ වහලේ එල්වා තිබුණු ලාම්පුවක් පැද්දෙන අන්දම දුටුවේය. දුරට පැද්දෙමින් තිබුණු ලාම්පුවේ පැද්දීම ටිකෙන් ටික අඩු වෙන්නට විය. පැද්දෙන දුර ප්‍රමාණය අඩුවුණු නමුත් එක පැද්දීමකට ගත වූ කාලය ඒ අනුව අඩු නොවූ බව ගැලිලියෝට පෙනුණේය. එක පැද්දීමකට ගතවන කාලය මැණීමට උපකරණයක් ඔහු අත නොවීය. එහෙයින් ඔහු ඒ සඳහා තම අතේ නාඩි ගැස්‌ම ගණන් කළේය. පැද්දීමේ දුර ප්‍රමාණය කුමක් වුවද පැද්දීමට ගතවූ කාලයට නාඩි ගැස්‌මේ වාර ගණන සමාන බව මේ අත්හදා බැලීමේදී ඔහුට නිසැක ලෙසම පෙනී ගියේය. ඔහු පල්ලියේ සිට ගෙදර ගිය ගිය වහාම ලණුවකට ගලක් බැඳ බාල්කයක එල්වා එය එක ප්‍රමාණයකට පැද්දීමට ගතවන කාලය සොයා බැලුවේය. කොතරම් දුරට හෝ කොතරම් ළඟට පැද්දුනත් එක්‌වරක් පැද්දවීමට ගතවන කාලයේ වෙනසක් නොමැති බව එම අත්හදා බැලීමෙන් ද ඔහුට වැටහිණි. ඔහුගේ මෙම සොයා ගැනීම නිසා ඔරලෝසු සාදන්නන්ට ලැබුණේ ඔවුන් වසර සිය ගණනක් මුළුල්ලෙහි සොයා දැනගන්නට නොහැකි වූ ඉතාම වැදගත් කරුණකි. බට්‌ටා සහිත ඔරලෝසුවක් හරියාකාර ලෙස සෑදීමට හැකිවූයේ ගැලිලියෝගේ මෙම සොයා ගැනීම නිසාය. මෙම සොයා ගැනීම ප්‍රයෝජනවත් වූයේ ඔරලෝසු කර්මාන්තය සම්බන්ධයෙන් පමණක් නොවේ. ව්‍යවහාරික ගණිත විද්‍යාවේ දියුණුවටද මෙම සොයා ගැනීම අතිශය ප්‍රයෝජනවත් වූයේය.
ගණිතය ඉගෙනීමෙන් පසු නැවතත් ප්ලෝරන්ස් නගරයට පැමිණි හේ 'චලන රීතිය' සම්බන්ධ විග්‍රහයක් ලියා ප්‍රසිද්ධ කිරීමෙන් පසුව ඔහුගේ නම මුළු ඉතාලිය පුරාම පැතිරෙන්නට විය. 1589 දී පීසා සරසවියේම කථිකාචාර්ය පදවියක් ලත් ගැලිලියෝ ඇරිස්‌ටෝටල් විසින් ප්‍රකාශයට පත් කරන ලද මතයක් වන එකිනෙකට වෙනස් බර ප්‍රමාණයකින් යුතු වස්‌තුන් දෙකක් පොළොව මත පතිත වන්නේ අවස්‌ථා දෙකකදීය යන සිද්ධාන්තය අභිබවා යන ලෙස තම චලන රීතිය වැඩි දුරටත් දීර්ඝ පර්යේෂණයන්ට භාජනය කළේය. ගැලිලියෝගේ මතය වූයේ එකිනෙකට වෙනස් බරකින් යුත් වස්‌තුන් දෙකක් පොළොව මත පතිත වන්නේ එකම අවස්‌ථාවකදී යන්නය. හෙතෙම දිනක් පීසා කුළුණට නැග මිනිසුන් බලා සිටිද්දී අසමාන බර ඇති වස්‌තු දෙකක් එකවිට පහත හෙළා ඒ වස්‌තු දෙක එකවිටම පතිතවන බව පෙන්වා පැරණි මතය බිඳ හෙලූ බව සඳහන්වේ.
ඉතාලිය රෝමය ඇතුළු එවකට මුළු බටහිර යුරෝපයම පිළිගෙන තිබුණේ කෙප්ලර් නම් විද්‍යාඥයාගේ මතයක් වූ, පෘතුවිය ග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධාන ග්‍රහයා බවත් ඒ වටා තරු ඇතුළු සෙසු ග්‍රහයන් ගමන් ගන්නා බවත්ය. මීට විරුද්ධව ඉදිරිපත් වී තිබුණු කොපර්නිකස් ගේ මතය වූයේ ග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධානියා පෘතුවිය නොව හිරු වන අතර හිරු වටා පෘතුවිය ඇතුළු සියලුම ග්‍රහයන් ගමන් ගන්නා බවයි.
කොපර්නිකස්‌ගේ මතය එකහෙළා අනුමත කළ ගැලිලියෝ පාලකයින්ගේත්, පූජකවරුන්ගේත්, උගතුන්ගේත් උපහාසයට හා දෝෂ දර්ශණයට ලක්‌වේය යන බිය නිසා කොපර්නිකස්‌ගේ මතයට තමාගේ ඇති එකඟත්වය ප්‍රසිද්ධියේ කියාපෑමට මැළිවිය. නිහඬවම තම පර්යේෂණයන් දිගටම ගෙන ගිය ගැලිලියෝ 1609 දී දුර දක්‌නයක් නිපදවීය. කාච තුනකින් සමන්විත වූ එන දුර දක්‌නයට ඈත වස්‌තුවක් තුන් ගුණයකින් විශාල කර පෙන්වීමට හැකියාවක් තිබුණි. මේ දුර දක්‌නය මගින් 1609 -1610 ඇතුළත කාලයේදී ශ්‍රේෂ්ඨ සොයා ගැනීම් කීපයක් මුලින්ම ලොවට හඳුන්වා දීමට ඔහු සමත් විය.
සඳ අපට පෙනෙන තරම් මුදු මොළොක් වස්‌තුවක් නොව, ඒ මතුපිට වළ ගොඩැලි ඇති කර්කශ පෘෂ්ටයක් ඇති ආකාශ වස්‌තුවකි. ක්‌ෂීර පථය සෑදී ඇත්තේ අනන්ත තරු සමූහයක එකතුවක් මගිනි. ජුපිටර් ග්‍රහයාට චන්ද්‍රයින් කීපදෙනෙක්‌ම ඇත. සෙනසුරු ග්‍රහයා වටේට වළලු කීපයක් ඇත. වරින් වර හිරු ළප තැනින් තැන හට ගනී. මේ ඔහු විසින් සොයා ගන්නා ලද සත්‍ය කීපයකි. වැනීසියේ උත්තර මන්ත්‍රී මණ්‌ඩලය මගින් ගැලිලියෝ ජීවිත කාලය තිබෙන තෙක් පැඩුවා සරසවියේ මහාචාර්ය පදවිය පිරිනමා තිබියදීත් 1610 දී ඔහු ටස්‌කන් ආදිපාදතුමාගේ 'දාර්ශනික ගණිතඥ' පදවියට පත්කිරීමෙන් අනතුරුව ඔහුගේ මුළු කාලයම පර්යේෂණ සඳහා යෙදවීමට සිදුවිය.
1611 දී රෝමයේ වතිකානු නගරයට ගිය ගැලිලියෝ එහි දේවගැති වරුන්ට තම දුර දක්‌නය පෙන්වා, හිරු ළප සූර්යයාගේ තැනින් තැන හටගන්නා බවත්, ටොලමි හා කෙප්ලර් වැරදි බවත් කොපර්නිකස් නිවැරදි බවත් කියා සිටියේය. එදා ආගම වටා ගෙතී තිබුණු යම් යම් නියමයන්ට පටහැනි දර්ශනයක් ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේ ගැලිලියෝට විරුද්ධව නඩු පවරන ලදී. 1633 අප්‍රේල් 12 දින අධිකරණය හමුවට පමුණුවන ලද ගැලිලියෝට තමා විසින් පවසන ලද සියලුම දර්ශනයන් වැරදි බව පවසන ලෙසට බල කළෙන් වද හිංසා වලට තිබූ බිය නිසා ගැලිලියෝ තමා ප්‍රකාශ කළ සියල්ල බොරු බව පිලීගත්තේය. ඒ නිසා ඔහුට සමාව දුන් අධිකරණය ඔහු නිවාස අඩස්‌සියේ තැබුවේය. 1637 දී අන්ධයෙකු බවට පත්වූ ගැලිලියෝ 1642 ජනවාරි 8 වැනි දින මෙලොවින් සමුගත්තේය.
