ජනාධිපතිවරණයේ දී ඡන්දය අවලංගු විය හැකි අයුරු
 

ජනාධිපතිවරණයේ දී ඡන්දය අවලංගු වන්නේ කෙසේ ද?

කිසිම අපේක්‌ෂකයකුට ඡන්දය ලකුණු නොකිරීමෙන්.
ඡන්දය එක්‌ අපේක්‌ෂකයකුට වැඩියෙන් ලකුණු කිරීමෙන්. (එය එක ලකුණ හෝ කතිරය එකකට වඩා ලකුණු කිරීමෙන් විය හැකියි.)
-ඡන්ද පත්‍රිකාව කටුගෑමෙන් හෝ විකෘති කිරීමෙන් හෙවත් ඡන්ද පත්‍රිකාවේ පමණක්‌ ලිවීමෙන්.
-දෙවැනි මනාපය පමණක්‌ හෝ තුන්වැනි මනාපය පමණක්‌ හෝ ඒ දෙකම පමණක්‌ ලකුණු කිරීමෙන්.
-දෙවැනි මනාපය එකකට වඩා ලකුණු කර තිබුණොත් දෙවැනි මනාපය පමණක්‌ අවලංගු වේ.
-තුන්වැනි මනාපය එකකට වඩා ලකුණු කර තිබුණොත් තුන්වැනි මනාපය පමණක්‌ අවලංගු වේ.

(මේ සම්බන්ධ නීතිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 94 වගන්තියේ ද, ජනාධිපති තෝරා ගැනීම පිළිබඳ පනතේ 29 (2) වගන්තියේ ද සඳහන් වේ.)

(c) Shilpa Sayura Foundation 2006-2017