ජනාධිපති පත්වීම සහ සුදුසුකම්
 

ජනාධිපති පත්වීම :
* ජනතාව විසින් තෝරයි.
* කාලය අවුරුදු 6 යි. - (ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 30-2)

ජනාධිපති අපේක්‌ෂකයකු සතු සුදුසුකම් :
* වයස අවු. 30 සම්පූර්ණ වීම.
* පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරා පත්කර ගැනීමට සුදුසු වීම.
* දෙවරක්‌ ජනාධිපති ධූරයේ නොසිටියකු වීම.
* ජනාධිපති ධූරයෙන් ඉවත් කරනු ලැබූ අයකු නොවීම.

නාම යෝජනා ක්‍රම :
1. පිළිගත් දේශපාලන පක්‌ෂයක්‌ විසින් යෝජනා කිරීම.
2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටි හෝ සිටින අයෙකුගේ නම යෝජනා කිරීම. (පක්‌ෂයක්‌ මගින්)
3. ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත් ඕනෑම ඡන්ද දායකයකු යෝජනා කළ හැකි වීම.

ජනාධිපති පත් කිරීම :
1. වසර 6 ක කාලයට ජනාධිපතිවරණයෙන් තේරෙයි.
2. දෙවරකට වඩා ජනාධිපති ලෙස පත්විය නොහැකියි.

ජනාධිපතිවරණය :
* 1981 අංක 15 ජනාධිපති තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ විධි විධාන අනුව ජනාධිපතිවරණය පැවැත්වේ.
* ජනාධිපතිවරණයේ දී මුළු දිවයිනම එකම ඡන්ද කොට්‌ඨාශයක්‌ බවට පත්වෙයි.
* අපේක්‌ෂකයන් 3 කට වඩා ඉදිරිපත් වු විට 1,2,3 යයි මනාප ලකුණු කළ හැකියි.
* ලියාපදිංචි ඡන්ද වලින් භාගයකට එකක්‌ හෝ වැඩියෙන් ලබාගත යුතුයි.
* එකේ කොටු අවස්‌ථාවල තුන්වන ස්‌ථානයට පැමිණි අපේක්‌ෂකයා තරඟයෙන් ඉවත් කරයි.
* දෙවන මනාපය පළමු ස්‌ථානයේ සිටින අපේක්‌ෂකයාට ලැබී ඇත්නම් එන ඡන්දත් පළමු අපේක්‌ෂකයාට එකතු කරයි.
* ජනාධිපති ලෙස තෝරා ගන්නේ ඡන්ද සංඛ්‍යාවෙන් 50% කට වඩා එකක්‌වත් වැඩියෙන් ලබාගත් තැනැත්තායි.

(c) Shilpa Sayura Foundation 2006-2017