සමානුපාතික නියෝජන ක්‍රමය හා සමානුපාතික නියෝජනය ක්‍රියාත්මක වන ආකාරයට අදාළ විධිවිධාන
 

සමානුපාතික නියෝජන ක්‍රමය

එක්‌ එක්‌ දේශපාලන පක්‌ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම් වලට ඔවුන් ලබාගත් මුළු ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව ආසන හිමිවීම, සමානුපාතික නියෝජන ක්‍රමයේ මූලික ලකෂණය වේ.


සමානුපාතික නියෝජනය ක්‍රියාත්මක වන ආකාරයට අදාළ විධිවිධාන

1. මැතිවරණ කොට්‌ඨාශ සීමා තීරණය කිරීම.
2. තෝරා පත් කරගත යුතු මන්ත්‍රී සංඛ්‍යාව මැතිවරණ කොට්‌ඨාශ අතර බෙදා
හැරීම.
3. පාර්ලිමේන්තු මැතිවරණයක්‌ සමානුපාතික ක්‍රමයට පවත්වන ආකාරය.

මැතිවරණ කොට්‌ඨාශ ඇති කිරීම

* ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 95 (1) වගන්තියට අනුව මේ සඳහා ජනාධිපති විසින් කොමිෂන් සභාව පත් කිරීම.
* මැතිවරණ කොට්‌ඨාශ 20-24 අතර (20 ට නොඅඩු 24 ට නොවැඩි) කොට්‌ඨාශවලට කොමිෂම මගින් බෙදීම.
* පළාතක්‌ කොට්‌ඨාශ කිහිපයකට බෙදීම.
* එක්‌ පරිපාලන දිස්‌ත්‍රික්‌කයක්‌ එක්‌ මැතිවරණ කොට්‌ඨාශයක්‌ ලෙස හෝ පරිපාලන දිස්‌ත්‍රික්‌ක කිහිපයක්‌ එක කොට්‌ඨාශයක්‌ ලෙස නම් කිරීම.
* මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 ක්‌ තෝරා ගැනීම.
* ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රීවරු 29 ක්‌ තෝරා ගැනීම.
* මන්ත්‍රීවරු සංඛ්‍යාව 225 කි.

(c) Shilpa Sayura Foundation 2006-2017