ඡන්ද බලය හා නිවැරදිව භාවිත කිරීම
 

ඡන්ද බලය පළමුවෙන් ලැබීම :
1910 මැකලම් ප්‍රතිසංස්‌කරණය මගින්

1910 ඡන්ද බලයට සුදුසුකම් :
දේපළ හිමිකම හා අධ්‍යාපන සුදුසුකම් මත

ප්‍රමාණය :
4% ක්‌ වැනි පිරිසකට

සර්වජන ඡන්ද බලය :
1931 ඩොනමෝර් ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ මගින් අවු. 21 ට වැඩි ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂයට ම ලැබීම.

ඩොනමෝර් යෝජනා යටතේ :-
රාජ්‍ය මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරු 50 ක්‌ තෝරා ගැනීම සර්වජන ඡන්ද බලයෙන් සිදු කෙරිණි.

දේශපාලන පක්‌ෂ ක්‍රමයෙන් මන්ත්‍රීන් තෝරා ගැනීම.
1947 සොල්බරි ප්‍රතිසංස්‌කරණ මගින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරා ගැනීම,

වර්තමානයේ ඡන්ද බලය වයස 18ට වැඩි අයට හිමිවේ.

ඡන්ද දායකයකු වීමට සුදුසුකම් :
වයස අවුරුදු 18 ට වැඩිවීම.

ඡන්ද දායකයකු සතු යුතුකම් :
1. මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීම.
2. තම ඡන්දය පමණක්‌ පාවිච්චි කිරීම.
3. අල්ලස්‌ මගින් හෝ වංචනික ලෙස අන් අයගේ ඡන්දයට
බලපෑම් නොකිරීම.
4. ඡන්ද දායකයන්ගේ ඡන්දයට බලපෑම් වන අයුරින් තර්ජනය
නොකිරීම.
5. රටට වඩාත් සේවයක්‌ කළ හැකි ප්‍රතිපත්ති ඇති පක්‌ෂයට
ඡන්දය දීම.
6. සාමකාමි ලෙස ඡන්දය දැමීම.

(c) Shilpa Sayura Foundation 2006-2017