මෙම පරිච්ඡේදයේ විධි විධාන යටතේ යම් තැනැත්තෙකුට හිමිවන මූලික අයිතිවාසිකම් කිසියම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට ආසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 ව්‍යවස්ථාවේ නියම කොට දක්වා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේ ය.
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වු අවස්ථාවල ඒ පිළිබඳ සාධාරණය ඉටු කිරීමේ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී ඇත. පුරවැසියකු විසින් අධිකරණයට ඉල්ලීමක් කළ යුතු ආකාරය ද එහි විස්තර කර ඇත. මේ අනුව යම් පුරවැසියකුට මූලික අයිතිවාසිකම් අහිමි වන අවස්ථාවක දී අධිකරණය ඉදිරියේ පැමිණිලි කර එම අහිමි වු අයිතිවාසිකම් නැවත ලබා ගැනීම සඳහා කටයුතු කළ හැකිය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 'පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්' (ඔම්බුඩ්ස්මන්) තනතුරක් ඇතිකර තිබේ. මේ තනතුර දරන්නා රජයේ විධායක කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය නිලධාරීන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවල ඒ පිළිබඳ කටයුතු කරන නිලධාරියෙකි. ඔහු එවැනි නිලධාරින් විසින් ඉදිරිපත් කරන පැමිණිලි භාරගෙන ඒවා පරික්ෂා කර බලා මානව අයිතිවාසිකම් වලට බාධා සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරයි.
ආණ්ඩුවේ ව්‍යවස්ථාවලට අමතරව මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව, මානව හිමිකම් කොමිෂන් සභාවක් පිහිටුවා ඇත.