රාජාධි රාජසිංහ රජතුමා
 

1782-1798

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ බාල සහෝදරයාය. බුද්ධ ශාසනයට මේ රජතුමාගෙන් ද ලැබුණු සහය අපමණය. බුදු සසුනේ චිරස්‌ථිතිය සඳහා කතිකාවතක්‌ද ඇති කළ රාජාධි රාජසිංහ රජතුමා 'අසදිසදාකව' නමැති කෘතියේ කතුවරයා ද වෙයි.
මේ රජතුමාගේ පාලන කාලයේ දී උඩරට ප්‍රභුන් හා රජු අතර සහ ප්‍රභුන් එකිනෙකා අතර මතභේද ඇතිවන්නට වූයෙන් රාජ්‍ය පරිපාලන කටයුතු අවුල් සහගත තත්ත්වයකට පත්විය.

කීර්ති ශ්‍රී රාජසිංහයන් ලන්දේසීන් සමඟ 1766 දී ඇතිකරගත් ගිවිසුම හේතුවෙන් එතෙක්‌ උඩරට රාජ්‍යයේ පැවැති ආර්ථිකයද පරිහානියට පත්විය. මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ ලන්දේසීන් මර්දනය කිරීමට රාජාධි රාජසිංහ රජුට නොහැකි විය. ලන්දේසීන් පලවා හැරීමට වෙනත් විදේශ ජාතියකගේ සහාය ලබාගැනීමට ද රජුට නොහැකි වූයේ යුරෝපීයයන්ගේ පෙරදිග අධිරාජ්‍ය කටයුතු යුරෝපයේ දේශපාලන සිදුවීම් මත නිරායාසයෙන්ම තීරණය වූ නිසාය.

ඒ අනුව 1796 දී ලන්දේසීන්ට වඩා බලවත් ජාතියක්‌ වූ ඉංග්‍රීසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් විය. උඩරට රාජ්‍ය විචාල රාජාධි රාජසිංහ රජුට මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ගය කිසිවක්‌ නොවීය.

(c) Shilpa Sayura Foundation 2006-2017