කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා
 

1747-1782

දෙවන නායක්‌කර් වංශික රජුය. ශ්‍රී විජය රාජසිංහ රජුගේ නායක්‌කර් බිසවගේ සහෝදරයෙකි. අවු. 3 ක්‌ වැනි කුඩා කලකදීම රජකමට පත්විය. වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විශාල බෞද්ධාගමික ප්‍රබෝධයක්‌ ඇතිවූ මෙකල බෞද්ධාගමට මේ රජුගෙන් ලැබුණු අනුග්‍රහය ප්‍රශස්‌ථය. සියම් රටින් උපසම්පදාව ගෙන්වා මෙරට උපසම්පදාව නැවත පිහිටුවීමට මෙතුමා මුල්විය.

උඩරට හා මුහුදුබඩ ප්‍රදේශවල අභාවයට ගිය වෙහෙර විහාර ප්‍රතිසංස්‌කරණය කරවා ඒවාට ගම් බිම්ද පූජා කළේය. තොටගමු විහාරය, මුල්කිරිගල විහාරය, කසාගල විහාරය, කුරුණෑගල ඇත්කඳ විහාරය, දඹුළු විහාරය, අළු විහාරය මේ රජතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංස්‌කරණය විය. මුලදී දෙවියන් වෙනුවෙන් පැවැත්වූ මහනුවර පෙරහැරට දළදා මාළිගාවේ පෙරහැරද සම්බන්ධ කිරීම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙන් සිදුවූ වැදගත් ඓතිහාසික කාර්යයකි.

මෙතුමාගේ අවසාන කාලයේදී (1766) උඩරට රාජ්‍යයට බෙහෙවින් අවාසි සහගත ගිවිසුමකට ලන්දේසීන් සමඟ බැඳීමට රජුට සිදුවිය. එම ගිවිසුම මගින් උඩරට රාජ්‍යය ලන්දේසි ප්‍රදේශ වලට මැදිවී කොටුවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017