ක්‍රි.ව.1741-1747
උඩරට රාජධානියේ ප්‍රථම නායක්‌කර් වංශික රජු මොහුය. ඔහු වීරපරාක්‍රමසිංහ නරේන්ද්‍රසිංහ රජුගේ දකුණු ඉන්දියානු නායක්‌කර් වංශික බිසවගේ සහෝදරයෙකි. එම බිසව සමඟ පැමිණි බොහෝ නායක්‌කර්වරුන් සඳහා මහනුවර මලබාර් වීදිය වෙන්කර දී තිබුණි.
රජවාසලේ නායක්‌කර් වරුන්ගේ බලය වැඩිවීම හා දකුණු ඉන්දියානු සම්ප්‍රදාය අනුවරජකමේ උරුමය රජ බිසවගේ සහෝදරයාට හිමිවීමේ ක්‍රමය මත උඩරට රාජ්‍යය බලය නායක්‌කර්වරුන් අතට පත්විය. සිංහල නීතිය අනුව ඔහු ඔටුනු පැළඳවීමට ප්‍රථම හින්දු ආගම අතහැර තිසරණ සහිත පන්සිල් සමාදන් වී බෞද්ධයෙකු බවට පත්විය.
බෞද්ධ ආගමේ දියුණුවට ද කටයුතු කළ මේ රජතුමා උඩරට වෙළඳ කටයුතු සදහා උතුරේ වෙළද වරායන් කීපයක් ලන්දේසීන් ලවා විවෘත කරවා ගැනීමට මේ රජතුමාට හැකිවිය.
