ක්‍රි.ව.1635-1687
ලංකාවෙන් පෘතුගීසීන් නෙරපා දැමීම දෙවන රාජසිංහයන්ගේ මුඛ්‍ය පරමාර්ථය විය. තම පියාගේ (සෙනරත් රජු) කාලයේදී පහතරට පෘතුගීසී ප්‍රදේශවලට පහර දී ඒවා උඩරටට අයත් කර ගැනීමට මෙතුමාට හැකිවිය. රන්දෙණිවෙල සටනින් ද ජය ගත්තේය.
1638 දී මෙතුමා ලන්දේසීන් සමඟ ගිවිසුමකට එළැඹිණැයි මූලාශ්‍ර වලින් පැවසේ. මෙනිසා ලන්දේසීන්ගේ නොමඳ උපකාරය රාජසිංහ රජුට ලැබුණෙන් උඩරට රාජධානිය ලංකාවේ භුමි ප්‍රමාණයෙන් 4/3 ක් දක්‌වා ව්‍යාප්ත කරගැනීමට රාජසිංහ රජුට හැකිවිය. මේ අනුව නැගෙනහිර සහ බටහිර වෙරළේ ප්‍රධාන වරායන් කීපයක් ද උඩරට රාජ්‍යයට හිමිවිය. වසර 52 ක් පමණ වූ මේ රජුගේ පාලන කාලය තුළ උඩරට රාජ්‍යය ආර්ථික අතින් ඉහළම දියුණුවකට පත්විය.
දෙවැනි රාජසිංහ රජු පෘතුගීසීන්ගෙන් රට බේරා ගැනීම සඳහා නිර්භීතව සටන් කළ ශ්‍රේෂ්ඨ නරපතියෙකි. මෙතුමාගේ ඇවෑමෙන් ඔහුගේ එකම පුතා දෙවන විමලධර්මසූරිය නමින් රාජප්‍රාප්ත වුවද ඔහු දුර්වල පාලකයෙක් විය.
