සෙනරත් රජු
 

ක්‍රි.ව.1604-1634

විමලධර්මසූරිය රජුගේ මරණින් අනතුරුව ඔහුගේ බිසව දෝන කතරිනා අගමෙහෙසිය කර ගැනීමෙන් රජකම සඳහා උරුමය ලබාගත් මෙතුමා සාමකාමි පුද්ගලයෙක්‌ වූයේය.

මෙතුමා ගේ පාලන කාලයෙහි පෘතුගීසීන් උඩරට දේශ සීමාවේ ගම් නියම්ගම් ගිණිබත් කරමින් මහා විනාශයක්‌ කළ බව මූලාශ්‍ර සඳහන් කරයි. කුසුමාසන දේවිය විමලධර්මසූරිය රජුට දාව කුමාරසිංහ හා විජේපාල යනුවෙන් පුතුන් දෙදෙනෙකු හා සෙනරත් රජුට දාව මහා අස්‌ථාන හෙවත් දේව රාජසිංහ යනුවෙන් පුතෙක්‌ ද ලැබුවාය. සෙනරත් රජු වයසට පත් වූ පසු උඩරට රාජ්‍යය සෙංකඩගල, මාතලේ හා ඌව යනුවෙන් කොටස්‌ තුනකට වෙන් කොට ඔවුන් අතර බෙදා දුන්නේය.

1630 දී කොන්ස්‌තන්තීනු ද සා යටතේ ඌව වෙල්ලස්‌ස හරහා උඩරටට එල්ල වූ පෘතුගීසි ආක්‍රමණයට මුහුණදීම සඳහා සිංහල හමුදාව මෙහෙයවන ලද්දේ සෙංකඩගල භාරව සිටි මහා අස්‌ථාන කුමරු විසිනි. වැල්ලවාය රණ්‌දෙණිවෙලදී දෙපක්‌ෂය අතර දරුණු සටනක්‌ ඇතිවිය. මේ සටනේ දී පෘතුගීසී හමුදාව සමූල ඝාතනය විණැයි වංශ කතාවේ සඳහන් වී ඇත.
සෙනරත් රජු තිස්‌ අවුරුද්දක්‌ කන්ද උඩරට රාජ්‍ය කොට වර්ෂ 1634 දී මියගියේය.

(c) Shilpa Sayura Foundation 2006-2017