පළමුවන විමලධර්මසූරිය රජතුමා
 

ක්‍රි.ව. 1592-1602

කන්ද උඩරට රාජධානිය සීතාවක රාජසිංහ රජු යටතේ පාලනය විය. රාජසිංහ රජුගේ ඇවෑමෙන් කොනප්පු බණ්‌ඩාර හෙවත් දොන් ජුවන්, විමලධර්මසූරිය නමින් සෙංකඩගල රාජශ්‍රීයට පත්විය. පෘතුගීසීන් විසින් භෞතීස්‌ම ලැබ සිටි මොහු පසුව ක්‍රිස්‌තියානි භක්‌තිය ප්‍රසිද්ධියේම ප්‍රතික්‌ෂේප කොට නැවතත් බුදු දහම වැළඳ ගත්තේය. කන්ද උඩරට දෙවැනි රජු වශයෙන් රජ පැමිණි විමලධර්මසූරිය රජතුමා දොළොස්‌ වසරක්‌ රාජ්‍ය විචාළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017