කොළඹ කුරුදුවත්ත නිදහස් මාවතේ නිදහස් චතුරශ්‍රය 1948 පෙබරවාරි 04 ලත් නිදහස සමරනු පිණිස ඉදිකරන ලද්දකි. කැටයම් කුළුණු 60ක් මත ඉදිකොට ඇති මෙහි බිතුසිතුවම් 28ක්‌ද වෙයි. පරිශ්‍රය එළිමහනේ මහාමාන්‍ය ගරු ඩී.එස්. සේනානායක මහතාගේ අනුරුව වටා යාපහුවේ සිංහ රූප 4ක්‌ද දක්‌නට ලැබෙයි.
