පිටකොටුව කුමාර වීදියේ ඉතා වැදගත් අතීත සිහිවටනයක් ඇත. ඒ ඕලන්ද කෞතුකාගාරයයි. 17 වන සියවස අගභාගයේ (1692 - 1697) නිම කර ඇති මෙම ගොඩනැඟිල්ල ආණ්‌ඩුකාර තෝමස් වෑන්රි ගේ නිල නිවාසයයි. මෙහි ලන්දේසීන් පරිහරනය කළ යුද ආයුධ මෙන්ම වටිනා කෞතුක සම්පත් රාශියක් සුරැකී තිබේ.
