සංචාරක කර්මාන්තය
 

භාණ්‌ඩ නිෂ්පාදනය කෙරෙන කර්මාන්තයක්‌ නො වූවත් සංචාරක කර්මාන්තය ද අප රටේ වැදගත් කර්මාන්තයක්‌ ලෙස සැලකේ. ප්‍රධාන වශයෙන් බටහිර යුරෝපය, උතුරු ඇමරිකාව, ඕස්‌ට්‍රේලියාව ආදී රටවලින් අප රටට සංචාරකයන් එන බව ඉතා ප්‍රකට කරුණකි. ශ්‍රී ලංකාවේ ස්‌වාභාවික සෞන්දර්යය හා පැරණි ශ්‍රී විභුතිය පිළිබඳ නටඹුන් දැක ගනු රිසි සංචාරකයන් බොහෝ කලක සිට මෙරටට පැමිණියත් සංචාරක කර්මාන්තය ශීඝ්‍රයෙන් වර්ධනය වන්නට වූයේ 1965 න් පසුවය.

සංචාරකයන්ට නැවතීම සඳහා හෝටල් ඉදිකිරීම, ගමන් බිමන් සඳහා වාහන පහසුකම් සැපයීම, අත්කම් දියුණු වීම යනාදිය නිසා මෙම කර්මාන්තය ආශ්‍රිතව විවිධ රැකියා ඇතිවේ. මෙසේ සංචාරක කර්මාන්තය අප රටට වැදගත් හෙයින් ලංකා සංචාරක මණ්‌ඩලය වැනි ආයතන ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීම සඳහා දැඩි උත්සහායක්‌ දරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017