ගෘහ කර්මාන්ත
 

ගෘහ කර්මාන්ත යනුවෙන් හදුන්වන්නේ ද ඉතා කුඩා පරිමාණයේ කර්මාන්ත විශේෂයකි. කුඩා කම්හල් වල හෝ නිවෙස්‌වල ම හෝ මේ කර්මාන්ත පවත්වා ගෙන යනු ලැබේ. සමහර විට කුඩා අත් යන්ත්‍ර හෝ විදුලි බලයෙන් ක්‍රියා කරන සරල යන්ත්‍ර හෝ භාවිත වේ. සාමාන්‍යයෙන් යන්ත්‍රෝපකරණ සඳහා වැඩි ප්‍රාග්ධනයක්‌ නොයොදා සංවිධානය කරන කර්මාන්ත ගෘහ කර්මාන්ත ලෙස හැදින්වේ. විශේෂ සූක්‌ෂම හැකියාවන් හා ශිල්පීය ක්‍රම අවශ්‍ය වන ගෘහ කර්මාන්ත, හස්‌ත කර්මාන්ත යනුවෙන් ද හදුන්වනු ලැබේ.

ඇතැම් ගෘහ කර්මාන්ත පුරාණ කාලයේ සිට ශ්‍රී ලංකාවේ විශේෂ ප්‍රදේශ වලට සීමා වී පවතී. අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙස්‌ මුහුණු කර්මාන්තයට ද මාතර බීරළු කර්මාන්තයට ද ගාල්ල කළුවර ලී කැටයම් කර්මාන්තයට ද කළුතර ඉඳි කොළ විවීමේ කර්මාන්තයට ද ප්‍රසිද්ධ ව පැවතීම නිදසුන් වේ.

ගෘහ කර්මාන්ත වල වැදගත්කම පිළිගන්නා රජය ගෘහ කර්මාන්ත කරුවන්ට විවිධ ක්‍රම වලින් ආධාර කරයි. මෙම කර්මාන්ත වලට අවශ්‍ය සමහර අමු ද්‍රව්‍ය, පුහුණුව, ණය පහසුකම් සහ අලෙවි පහසුකම් සැපයීම මගින් කර්මාන්තවල වර්ධනයට උපකාර කිරීමට රජය විවිධ ආයතන පිහිටුවා තිබේ. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව හා ලක්‌සල සාප්පු එ වැනි ආයතන වලට උදාහරණ වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017