ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය මූලික මහා පරිමාණ කර්මාන්තයන්හි යෙදී ඇති අතර කුඩා පරිමාණ කර්මාන්තයන්හි වැඩි වශයෙන් නිරත ව ඇත්තේ පෞද්ගලික අංශය යි. විදුලි යන්ත්‍ර, ලෝහ භාණ්ඩ, ආහාර ද්‍රව්‍ය සකස් කිරීම, පළතුරු ටින්වල ඇහිරීම, විස්කෝතු සහ සිසිල් බීම වැනි කර්මාන්ත වැඩි වශයෙන් පෞද්ගලික අංශය සතු කුඩා පරිමාණ කර්මාන්ත වේ.
ශ්‍රී ලංකාවේ කුඩා කර්මාන්ත වර්ධනය සඳහා ඒකල හා පල්ලෙකැලේ කාර්මික ජනපද දෙකක් රජය විසින් ආරම්භ කොට ඇත. කුඩා පරිමාණ කර්මාන්ත සඳහා අවශ්‍ය වන පහසුකම් මේ ප්‍රදේශ වලින් ලබා ගත හැකි ය. ඒකල කාර්මික ජනපද දෙකක් රජය විසින් ආරම්භ කොට ඇත. කුඩා පරිමාණ කර්මාන්ත සඳහා අවශ්‍ය වන පහසුකම් මේ ප්‍රදේශ වලින් ලබා ගත හැකි ය. ඒකල කාර්මික ජනපදයේ පෞද්ගලික අංශය විසින් කුඩා කම්හල් විශාල සංඛ්‍යාවක් පිහිටුවා ඇත.
එම කම්හල්හි නිෂ්පාදන අතර බාල්දි, ඉලාස්ටික් පටි, කාබන් කඩදාසි, යතුරු ලියන පටි, උඳුන්, ලියන තීන්ත, ගෑස් මැන්ටල්, බ්රේක් ලයිනිං සහ ලේස් රෙදි වැනි විවිධ භාණ්ඩ වර්ග වේ.
කුඩා පරිමාණ කර්මාන්ත වලදී මහා පරිමාණ කර්මාන්ත වලදී මෙන් විශාල යන්ත්‍ර සූත්‍ර යොදා නො ගන්නා හෙයින් ඒවා මගින් රැකියා විශාල සංඛ්‍යාවක් සැපයිය හැකි ය. තව ද එම කර්මාන්ත සඳහා වුවමනා ප්‍රාග්ධන ප්‍රමාණය ද කුඩා හෙයින් ශ්‍රී ලංකාව වැනි ප්රාග්ධනය හිඟ රටවලට වඩාත් සුදුසු වේ.
රට පුරා පැතිර ඇති ශ්‍රමයෙන් ප්‍රයෝජනය ගැනීමට රටේ විවිධ ප්‍රදේශවල දැනට ඒකල පිහිටුවා තිබෙන්නාක් වැනි කුඩා කර්මාන්ත පිහිටුවීම සුදුසුය. මෙවැනි කර්මාන්ත වලට හැකි තාක් දේශීය අමු ද්‍රව්‍ය භාවිත කිරීමට අනුබල දීමෙන් රටේ විදේශ විනිමය වැය වීම වැළැක්වීමට රජය ආධාර කරයි.