වර්තමාන ශ්‍රී ලංකාවේ කර්මාන්ත
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත ප්‍රධාන වර්ග තුනකට බෙදා දැක්විය හැකි ය. ඒ නම් මහා පරිමාණ කර්මාන්ත, කුඩා පරිමාණ කර්මාන්ත හා ගෘහ කර්මාන්ත වේ.
......................................................................

විශාල අමු ද්‍රව්‍ය තොඟ යොදා ගනිමින් ලොකු කම්හල්වල යන්ත්‍රෝපකරණ මගින් භාණ්ඩ තොඟ නිෂ්පාදනය කරන කර්මාන්ත මහා පරිමාණ කර්මාන්ත ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාවේ සිමෙන්ති කර්මාන්තය, යකඩ හා වානේ කර්මාන්තය මහා පරිමාණ කර්මාන්ත වේ.
ශ්‍රී ලංකාවේ දැනට පිහිටුවා ඇති මහා පරිමාණ කර්මාන්ත සියල්ලම පාහේ රාජ්‍ය අංශය සතුවේ. මහා පරිමාණ කර්මාන්ත ආරම්භ කිරීමට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම සහ කර්මාන්ත ආරම්භ කිරීමේ දී පුහුණු ශ්‍රමිකයන් රට තුළින් ලබා ගැනීමට අපහසු වීම යන හේතුන් නිසා අප රටේ පෞද්ගලික අංශය මහා පරිමාණ කර්මාන්ත ඉදිකිරීමට මුල් කාලයේ ඉදිරිපත් වී නැත.
එහෙත් රටක දියුණුවට මහා පරිමාණ කර්මාන්ත තිබීම අවශ්‍ය වන හෙයින් රජය විදේශීය ආධාර ඇති ව එවැනි කර්මාන්ත කීපයක් ආරම්භ කොට ඇත. එම මහා පරිමාණ කර්මාන්ත මගින් නිපදවන සමහර ද්‍රව්‍ය රටේ කුඩා පරිමාණ කර්මාන්ත හා ගෘහ කර්මාන්ත සඳහා අමු ද්‍රව්‍ය වන හෙයින් එවැනි කුඩා පරිමාණයේ කර්මාන්ත පැන නැගීමට ද බැර කර්මාන්ත දියුණු කිරීම උපකාර වේ.
ශ්‍රී ලංකාවේ මහා පරිමාණ කර්මාන්ත වැඩි වශයෙන් ම ස්ථානගත වී ඇත්තේ අමු ද්‍රව්‍ය ලබාගැනීමේ පහසුව සලකා ගෙනය. කන්කසන්තුරේ හා පුත්තලමේ සිමෙන්ති, වාලච්චේනයිහි කඩදාසි, ගිංතොට තුනී ලෑලි, ගල්ඔය හා නිල්වලා නිම්න වල උළු, අම්පාර හා කන්තලේ සීනි හා පරන්තන්හි රසායන ද්‍රව්‍ය ආදී කම්හල් අමු ද්‍රව්‍ය ලබාගැනීමේ පහසුව මුල් කර ගෙන පිහිටුවන ලද කම්හල් නිදර්ශන වේ.
මහා පරිමාණ කර්මාන්තයන්හි ලක්ෂණයක් වන්නේ විශාල ප්‍රාග්ධන ප්‍රමාණයක් අවශ්‍ය වීමත් ආයෝජනය කරන ප්‍රාග්ධන ප්‍රමාණ හා සසදන විට එම කම්හල්හි ඇති වන රැකීරක්ෂා සංඛ්‍යාව සුළු ප්‍රමාණයක් වීමත් ය. ඊට හේතුව වන්නේ මෙම කම්හල්හි භාණ්ඩ නිෂ්පාදනයට විශාල වශයෙන් යන්ත්‍ර භාවිත කරන නිසා මිනිස් ශ්‍රමය අඩුවෙන් අවශ්‍ය වීම ය.
ශ්‍රී ලංකාවේ සමහර මහා පරිමාණ කර්මාන්ත ඒවායේ උපරිම ධාරිතාවෙන් ක්‍රියා කරවීමට බාධක ඇත. ප්‍රමාණවත් තරම් අමු ද්‍රව්‍ය එම කම්හල් වලට ලබා ගැනීමට අපහසු වීම නිෂ්පාදනය අඩු වීමට ප්‍රධාන හේතුවක් වෙයි. උදාහරණ වශයෙන් ශ්‍රී ලංකාවේ සීනි කම්හල් වලට ප්‍රමාණවත් තරම් උක් ඳඩු ලබාගත නොහැකි වීම දැක්විය හැකිය.
දේශීය අමු ද්‍රව්‍ය භාවිතයට ගන්නා මහා පරිමාණ කර්මාන්ත ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වඩාත් ප්‍රයෝජනවත් වේ. එම කර්මාන්තවලට අමු ද්‍රව්‍ය ආනයනය කිරීමට රටේ විදේශ විනිමය වැය නොවන හෙයිනි. පිඟන් හා කඩදාසි කර්මාන්තය ඒවාට අවශ්‍ය අමු ද්‍රව්‍ය වලින් විශාල කොටසක් රට තුළින් ම ලබා ගැනීම නිදර්ශන වේ. යම් කර්මාන්තයක දේශීය අමු ද්‍රව්‍ය භාවිතය වැඩි වූ තරමට එමගින් රටට ලැබෙන ආර්ථික ප්‍රයෝජන ද වැඩි වේ.
එහෙත් ශ්‍රී ලංකාවේ සමහර මහා පරිමාණ කර්මාන්ත ආනයනය කරන අමු ද්‍රව්‍ය මත රඳා පවතී. ඛනිජ තෙල් ශෝධනය සහ යකඩ හා වානේ කර්මාන්තය ඒවාට අවශ්‍ය අමු ද්‍රව්‍ය සියල්ල ම විදේශ වලින් ගෙන්වා ගනී.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ මහා පරිමාණ කර්මාන්ත මගින් රටට විදේශ විනිමය ද ලැබේ. එම කර්මාන්ත ප්‍රධාන වශයෙන් භාණ්ඩ නිපදවන්නේ දේශීය වෙළඳ පොළ සඳහා වුව ද මෑතක සිට සුළු භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය ද කරයි. බොර තෙල් ආනයනය කොට ඛනිජ තෙල් නිෂ්පාදනය අපනයනය කිරීමෙන් අපේ ආර්ථිකයට ලැබෙන ශුද්ධ වාසිය සුළු ය.
දේශීය අමු ද්‍රව්‍ය වැඩි වශයෙන් යොදා ගන්නා පිඟන් භාණ්ඩ හා රබර් භාණ්ඩ අපනයනය කිරීමෙන් සැලකිය යුතු ආදායමක් ලැබේ. රාජ්‍ය අංශයේ මහා පරිමාණ කර්මාන්ත සියල්ල සැලකිල්ලට ගත් විට ඒවා උසස් කාර්යක්ෂමතාවකින් පවතී යයි කිව නොහැක. එම කර්මාන්ත සඳහා යොදවා ඇති ප්රාග්ධනයට ලැබෙන ලාභය ප්‍රමාණවත් නොවීමෙන් ද නිෂ්පාදන වියදම් අධික වීමෙන් ද ඒ බව පැහැදිලි වේ.