රටක කර්මාන්ත ස්‌ථානගත වීම කෙරෙහි බලපාන මූලික සාධක කීපයක් ඇත. ඒවා අතර (1) අමු ද්‍රව්‍ය (2) වෙළඳ පොළ (3) ශ්‍රමය (4) බලය (5) ප්‍රාග්ධනය (6) පරිවහන පහසුව (7) ව්‍යවසාය හා (8) රාජ්‍ය ප්‍රතිපත්තිය, ප්‍රධාන සාධක වේ. මේ මූලික සාධක සියල්ල මේ කර්මාන්තයකට සුදුසු පරිදි එකිනෙකට සමීප ව පිහිටනුයේ ඉතා කලාතුරකිනි. ඒ නිසා බොහෝ කර්මාන්ත පිහිටුවා ඇත්තේ ඉහත දැක් වු කර්මාන්ත ස්‌ථානගත වීමේ සාධක මදක් විස්‌තර සහිතව විමසා බැලූ විට මේ කරුණු තව දුරටත් පැහැදිලි වනු ඇත.
1 අමු ද්‍රව්‍ය
යම් භාණ්‌ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනීමට කම්හලට ගෙන එන මූලික ද්‍රව්‍ය අමු ද්‍රව්‍ය නම් වේ. නූල් තනන කම්හලකට ගෙන එන කපු පුළුන් අමු ද්‍රව්‍යයකි. යම් ප්‍රදේශයකට යම් කර්මාන්තයකට අවශ්‍ය අමු ද්‍රව්‍ය තිබේ නම් ඒ කර්මාන්තය එම ප්‍රදේශයේ ස්‌ථානගත වීමට ඉඩ තිබේ. විශේෂයෙන් ඈත ප්‍රදේශ වලට ප්‍රවාහනය කිරීමට අධික දැරිය යුතු බර වැඩි අමු ද්‍රව්‍ය පිහිටි ප්‍රදේශ වල ඒවා පදනම් කරගෙන කෙරෙන කර්මාන්ත ස්‌ථානගත වේ. සිමෙන්ති කර්මාන්තය, හුණු ගල් පිහිටි කන්කසන්තුරේ ද, උළු ගඩොල් කර්මාන්තය ඊට සුදුසු මැටි ඇති ගල්ඔය මිටියාවතේ ද ස්‌ථානගත වීම නිදර්ශන වේ. ඉක්‌මනින් විනාශ වන අමු ද්‍රව්‍ය යොදා ගන්නා කර්මාන්ත බොහෝ විට අමු ද්‍රව්‍ය ඇති ස්‌ථාන වල පිහිටුවනු ලැබේ. උදාහරණ වශයෙන් කන්තලේ සීනි කමහල දැක්‌විය හැකිය. අමු ද්‍රව්‍ය වෙනත් ප්‍රදේශ වලට පරිවහනය කොට කර්මාන්ත ස්‌ථානගත කිරීම වඩා වියදම් අඩු නම් එවැනි අවස්‌ථාවල දී අමු ද්‍රව්‍ය ආශ්‍රයෙන් කර්මාන්ත ස්‌ථානගත නොවේ.
2 වෙළඳ පොළ
යම් ප්‍රදේශයට යම් භාණ්‌ඩ වර්ගයක් සඳහා ඉල්ලුමක් පවතී නම් එම භාණ්‌ඩය සඳහා එම ප්‍රදේශයේ වෙළඳ පොළක් පවතී යයි කියනු ලැබේ. එවැනි වෙළඳ පොළක් ඇති ස්‌ථානවල සමහර කර්මාන්ත ස්‌ථානගත වේ. ගාල්ලේ සිමෙන්ති කම්හල පිහිටුවා ඇත්තේ අවට ඇති ජනාකීර්ණ ප්‍රදේශ වලට සිමෙන්ති සපයා දීමට ය. පෞද්ගලික අංශයේ සමහර කම්හල් කොළඹ හා ඒ අවට උපනගර වල පිහිටුවා ඇත්තේ එහි එම භාණ්‌ඩ සඳහා පුළුල් ඉල්ලුමක් පවතින නිසා ය.
3 ශ්‍රමය
කර්මාන්ත ශාලාචලට කම්කරුවන් ඇතුළු විවිධ අංශවල පුහුණු පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වේ. එසේ ශ්‍රමය සපයා ගැනීමට හැකි වීම නිසා ද සමහර කර්මාන්ත ජනාධික ප්‍රදේශවල ස්‌ථානගත වේ. යම් ප්‍රදේශයක ජනගහනය අධික වු විට කර්මාන්ත සඳහා ශ්‍රමය සපයා ගැනීම පහසු වේ. ජනගහනය අධික දුප්පත් රටවල අඩු වැටුපට කම්කරුවන් ලබා ගත හැකි නිසා සමහර අන්තර් ජාතික සමාගම් විසින් එවැනි රටවල ශ්‍රමිකයන් වැඩි කම්හල් පිහිටුවනු ලැබේ.
4 බලය
කම්හල්වල යන්ත්‍ර ක්‍රියා කරවීමට ගල් අඟුරු, ජල විදුලි බලය වැනි ශක්‌ති සම්පත් විශේෂයෙන් අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා යොදා ගන්නා ප්‍රධාන බල ශක්‌තිය වන්නේ විදුලි බලයයි. විදුලි බලය රැහැන් දිගේ ඈත ප්‍රදේශ වලට පවා යැවීම පහසු හෙයින් ජල විදුලි බලයෙන් ක්‍රියා කරන කම්හල් ජල විදුලි බලය නිපදවන ස්‌ථානවල ම පිහිටුවීම අවශ්‍ය නොවේ. එහෙත් කර්මාන්ත සඳහා ඉන්ධනයක් වශයෙන් ගල් අඟුරු බහුලව ම යොදා ගන්නාඑක්‌සත් රාජ්‍යයේ බොහෝ කාර්මික කලාප ගල් අඟුරු කෙත් අවට පිහිටුවා ඇත.
5 ප්‍රාග්ධනය
යම් කර්මාන්තයක් පිහිටුවීමේ දී කම්හල් ඉඳිකිරීමටත් යන්ත්‍ර සූත්‍ර ගැනීමටත් භාණ්‌ඩ නිපදවා අලෙවි කරන තුරු දැරිය යුතු වියදම් සඳහාත් විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. එසේ කාර්මික ව්‍යාපාර ආරම්භ කිරීමට ඉවහල් වන මුදල් ප්‍රාග්ධනය නමින් හදුන්වනු ලැබේ. සංවර්ධනය වන රටවල කාර්මික දියුණුවට විශාල බාධාවක් වී ඇත්තේ ප්‍රාග්ධනය ලබාගැනීමේ මාර්ග හිඟ වීම ය. එම රටවල් නිදහස් වෙළඳ කලාප පිහිටුවීම මගින් ද විදේශාධාර මගින් ද ධනවත් රටවල ප්‍රාග්ධනය තමන්ගේ රටවල කර්මාන්තයන්හි ආයෝජනය කරවා ගැනීමට වැයම් කරයි.
6 පරිවහන පහසුව
කර්මාන්ත ශාලා කරා අමු ද්‍රව්‍ය ගෙන ඒමත් නිමි භාණ්‌ඩ වෙළඳ පොළවල් කරා ගෙන යාමත් සඳහා අඩු වියදම් සහිත පරිවහන ක්‍රම තිබීම කර්මාන්ත ස්‌ථානගත වීමට බෙහෙවින් හේතු වේ. වියදම් ඉතා අඩු පරිවහන ක්‍රමය වන්නේ ජල මාර්ග මගින් භාණ්‌ඩ ගෙන යාමයි. වරායවල් අවට කර්මාන්ත ස්‌ථානගත වන්නේ මේ පහසුව සලකා ගෙන ය. විශේෂයෙන් ම විදේශ රටවල භාණ්‌ඩ නිපදවන කම්හල් වරායවල් අසල ස්‌ථානගත කරන්නේ මේ ප්‍රවාහන පහසුව සලකා ගෙන ය. ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාපය සඳහා කටුනායක තෝරා ගැනීමට ප්‍රධාන හේතුව වූයේ ගුවන් තොටුපොළට හා වරායට ආසන්න වීම නිසා ඇති වී තිබෙන පරිවහන පහසුව ය. දුම්රිය හා රථ මාර්ග ද කම්හල් ස්‌ථානගත වීම කෙරෙහි බලපායි.
7 ව්‍යවසාය
නිෂ්පාදන සාධක එකට සංයෝග කොට නිෂ්පාදන කාර්යය මනා ලෙස සංවිධානය කිරීම ව්‍යවසාය යනුවෙන් හැදින්විය හැකි ය. ශ්‍රී ලංකාවේ ව්‍යවසාය ප්‍රධාන වශයෙන් අංශ දෙකකට බෙදේ. එනම් (1) පොදු හෝ රාජ්‍ය හා (2) පෞද්ගලික වශයෙනි. පොදු ව්‍යවසාය යටතේ සංස්‌ථා, දෙපාර!~තමේන්තු සහ සමුපකාර ව්‍යාපාර ගැනෙන අතර පෞද්ගලික ව්‍යවසාය යටතට (1) ඒක පුද්ගල ව්‍යාපාර (2) හවුල් ව්‍යාපාර (3) වගකීම් සීමා සහිත ව්‍යාපාර හා (4) ඒකාබද්ධ ව්‍යාපාර සමාගම් අයත් වේ.
8 රාජ්‍ය ප්‍රතිපත්ති
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ස්‌ථානගත කිරීමට රාජ්‍ය ප්‍රතිපත්ති බෙහෙවින් බලපා ඇත. තුල්හිරිය රෙදි කම්හල පිහිටුවීම ද කැළණිය ටයර් ටියුබ් කම්හල ද නිදසුන් වශයෙන් දැක්‌විය හැකි ය.