මේ නිසා රැකීරක්‌ෂා සැපයීමේ මාර්ගයක් වශයෙන් ද වැවිලි කිහිඔයකින් ලබාගන්නා නිෂ්පාදිතය අපනයනය කිරීමෙන් විදේශ විනිමය ඉපයීම මත රැදුණු ආර්ථිකයේ අවදානම අඩු කිරීම පිණිස ද කර්මාන්ත දියුණු කිරීම අවශ්‍ය වී ඇත. අප රට ජීවන තත්ත්වය උසස් කිරීමටත් අපට අවශ්‍ය සෑම කාර්මික භාණ්‌ඩයක් ම විදේශීය රටවලින් ගෙන්වා ගැනීමට තරම් ප්‍රමාණවත් විදේශ විනිමය උපයා ගැනීම දුෂ්කර නිසාත් රටට වුවමනා කාර්මික භාණ්‌ඩ වලින් කොටසක් වත් රට තුළ නිපද වීම අවශ්‍ය වේ.
රසායනික පොහොර සහ ගොවි උපකරණ වැනි ද්‍රව්‍ය කාර්මික අංශයෙන් නිපද වු විට රටේ කෘෂිකර්මය ද වඩා ඉක්‌මනින් දියුණු කළ හැකිය. කෘෂිකාර්මික අංශයෙන් නිපදවන සමහර දේ කර්මාන්ත වල අමු ද්‍රව්‍ය වන හෙයින් කෘෂිකාර්මික දියුණුව නැවත කාර්මික දියුණුවට උපකාර වේ. මෙසේ කර්මාන්ත මගින් කෘෂිකර්මයත්, කෘෂිකර්මය මගින් කර්මාන්තත් අ@න්‍යාන්‍ය වශයෙන් පෝෂණය වන ලෙස දියුණු කිරීමෙන් ආර්ථික වර්ධනය ඇතිවේ.