බොහෝ දුරට මෙම කර්මාන්ත සෑම එකක් ම පාහේ පෞද්ගලික අංශය සතුවිය. වර්ෂ 1931 දී ඇතිකළ ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණය හේතු කොට ගෙන මෙරට පාලන කටයුතු වලට ක්‍රියාකාරි ලෙස සහභාගි වීමට ශ්‍රී ලාංකිකයන්ට ද අවශ්ථාව ලැබණ. මේ කාලයේ දී ම ඇති වූ ආර්ථික පරිහානිය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය තේ, රබර් සහ පොල් යන වෙළඳ ද්‍රව්‍ය මත පමණක් රඳා පැවතීමේත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය පිට රටින් ලබා ගැනීමට බලා සිටීමේත් අවදානම ලංකාවාසීන්ට අවබෝධ විය. අපනයන ද්‍රව්‍ය මගින් ඉපයූ මුදල් ප්‍රමාණය ද රටට අවශ්‍ය භාණ්‌ඩ ගෙන්වීමට ප්‍රමාණවත් නොවන බව පැහැදිලි වූයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ විවිධත්වයක් ඇති කිරීමේ පියවරක් වශයෙන් කර්මාන්ත දියුණු කිරීමේ අවශ්‍යතාව රජයට ද වැටහිණ. දෙවන ලෝක යුද්ධය (1939-1945) පැවති අවධියේ දී මෙම අවශ්‍යතාව මැනවින් තහවුරු විය.
එම යුද්ධය පැවති කාලයේ දී මුහුදු ගමනා ගමනය අඩපණ වූ හෙයින් මෙරටට අවශ්‍ය කාර්මික භාණ්‌ඩ බ්‍රිතාන්‍යයෙන් ලබා ගැනීම දුෂ්කර විය. එම නිසා මෙ රට අමු ද්‍රව්‍ය උපයෝගි කර ගනිමින් නිෂ්පාදනය කළ හැකි අත්‍යවශ්‍ය භාණ්‌ඩ මෙ රටෙහි ම නිෂ්පාදනය කිරීමට රජය උනන්දු විය. සපත්තු, තුනී ලෑලි, ඇසිටික් ඇසිඩ් හා වීදුරු යන කර්මාන්ත මේ කාලයේ දී බිහි වූ අතර, මේ කර්මාන්ත මගින් භාණ්‌ඩ නිපදවූයේ දේශීය වෙළඳ පොළ සඳහා පමණී.
දේශීය වෙළඳ පොළ සීමා සහිත වූ නිසා ද කර්මාන්ත වලට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර විදේශ වලින් ගෙන්වා ගැනීමට සිදු වීම නිසා ද මේ කර්මාන්ත සැලකිය යුතු දියුණුවක් ලැබුයේ නැත. යුද්ධ කාලය අවසන් වු විට නැවතත් විදේශීය භාණ්‌ඩ ගෙන්වීම ආරම්භ වු අතර මේ දේශීය භාණ්‌ඩවල ඉල්ලුම අඩු වූයෙන් කර්මාන්ත ශාලා කීපයක් ම වසා දැමීමට සිදු විය. ඉතුරු වූ රජයේ කම්හල් ද පවත්වාගෙන යන ලද්දේ ලාභ නොලබන ආයතන ලෙස ය.