මූලික අයිතිවාසිකම්
 

* ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවල රට වැසියාගේ නිදහස හා ආරක්‌ෂාව පිළිබඳ වගන්ති ඇතුළත් කර තිබේ.
* ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ද මූලික අයිතවාසිකම් ඇතුළත් කර තිබේ.

මූලික මිනිස්‌ අයිතිවාසිකම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ව්‍යවස්‌ථාව පළමුවෙන් ම සඳහන් කර ඇත්තේ :

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 ප්‍රකාශයට පත් කළ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ය.

* ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ තුන්වන පරිච්ඡේදයේ 'මූලික අයිතවාසිකම්' දක්‌වා තිබේ.
* අංක 10-17 දක්‌වා ශ්‍රී ලාංකික පුරවැසියන්ට හිමි මානව අයිතිවාසිකම් දැක්‌වේ.

මූලික අයිතිවාසිකම්
1. සිතීමේ නිදහස
2. හෘදය සාක්‌ෂියේ නිදහස
3. ආගමික නිදහස
4. වදහිංසා වලින් ආරක්‌ෂා වීමේ නිදහස
5. සර්ව සාධාරණත්වයේ අයිතවාසිකම්
* නීතිය ඉදිරියේ සාධාරණත්වය, ජනවර්ගය, භාෂාව, කුලය හෝ ස්‌ත්‍රී පුරුෂ භේදය මත කිසිම ස්‌ථානයකට ඇතුළුවීමට
බාධා කරන නීති හෝ කොන්දේසි වලට යටත් නොවීම.
* කාන්තාවන්, ළමයින් හෝ අබල දුබල අයගේ යහපත සඳහා නීතිරීති මගින් විධි විධාන සැලසීම මෙයින් අදහස්‌ වේ.
6. අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන් වැළකීමේ නිදහස
7. අත්තනෝමතිකව රඳවා ගනු ලැබීමෙන් වැළකීමේ නිදහස
8. අත්තනෝමතිකව දඬුවම් දෙනු ලැබීමෙන් වැළකීමේ නිදහස
9. අතීතයට බලපාන පරිදි දණ්‌ඩ නීති පැනවීමේ තහනම
10. භාෂණයේ නිදහස
11. සාමකාමිව රැස්‌වීමේ නිදහස
12. සමාගමයේ නිදහස
13. වෘත්තීය සමිති පිහිටුවීමේ හා එහි සාමාජිකත්වය ලැබීමේ නිදහස
14. ආගම ඇදහීමේ හා ආගම ඉගැන්වීමේ නිදහස
15. තම සංස්‌කෘතිය භුක්‌ති විදීමේ හා තම භාෂාව පාවිච්චි කිරීමේ නිදහස
16. නීත්‍යානුකුල රැකියාවක, වෘත්තීයක, කර්මාන්තයක, ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්‌ත වීමේ නිදහස
17. ශ්‍රී ලංකාව තුළ ගමනාගමනයේ යෙදීමේ නිදහස හා අභිමත ස්‌ථානයක වාසය කිරීමේ නිදහස
18. රටින් පිටවීමේ හා ආපසු තම රටට පැමිණීමේ නිදහස

(c) Shilpa Sayura Foundation 2006-2017