කීර්ති ශ්‍රී රාජසිංහ
 

ක්‍රි.ව.1747-1780
අගනගරය : සෙංකඩගල (පා.කා.අවු.33)

ශ්‍රී විජය රාජසිංහ රජු ඇවෑමෙන් ඔහුහේ බිසවගේ සහෝදර වූ මදුරාපුර නායක්‌කාර් කුමාරයෙක්‌ කීර්ති ශ්‍රී රාජසිංහ යන නාමයෙන් සෙංකඩගල රජවිය. මොහු වසර තිස්‌ තුනක්‌ රාජ්‍ය කෙලේය. මෙතුමාගේ කාලයේ තිබ්බොටුවාවේ සිද්ධාර්ථ මහානායක හිමියන් කුරුණෑගල රජ කළ පරාක්‍රමබාහු රජුගේ කාලයේ පටන් ක්‍රි.ව. 1758
දී වනතුරු ලංකා කතාව ලියා මහාවංශට එකතු කෙළේය.

අත්තරගම බණ්‌ඩාර රාජගුරු නම් ප්‍රසිද්ධ පඬිවරයා මේ රජුගේ කාලයේ දී
සෙංකඩගල නුවර වාසය කෙළේය. කාරකපුෂ්පමජරි නම් පාළි ව්‍යාකරණ පොතද, සුධීරමුඛ මණ්‌ඩ නම් පාළි පොතද, සාරසංක්‍ෂේප නම් වෛද්‍ය ශාස්‌ත්‍ර පොතද යනාදිය මේ පඬිවරයා විසින් කරන ලද්දේය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ තමන්ට ඕලන්දකාරයන් විසින් තෑගි කරන ලද අකීකරු අශ්වයකු පිටින් මහනුවර වීථියක්‌ ඔස්‌සේ යන අතර අශ්වයා පෙරළි කිරීමෙන් බිම වැටී මළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017