ශ්‍රී විජය රාජසිංහ
 

ක්‍රි.ව.1739-1747
අගනගරය : සෙංකඩපුර නුවර (පා.කා. අවු.08)

නරේන්ද්‍රසිංහ රජු බිසව කොට සිටි මදුරාපුර නායක්‌කාර වංශයේ කුමාරියගේ බාල සහෝදරයකු නරේන්ද්‍රසිංහ රජු ඇවෑමෙන් සිංහාසනාරූඩ වූයේය. ඔහු බුද්ධ ශාසනයට ඇලුම් කළෙන් කැඩුණු බිදුණු ප්‍රතිමා මන්දිරයන් ප්‍රතිසංස්‌කරණය කෙළේය. ක්‍රිස්‌තියානි භක්‌තිකයන් රටින් නෙරපුයේය.

ජරාවාසව තුබූ රාජමන්දිර සිත්කළු අන්දමට පිළිසකර කෙළේය. මේ රජු හගුරන්කෙත අගනුවරක්‌ කරවා රාජමන්දිරයක්‌ සෑදවූයේය. මොහු රාජ්‍යය කළ විචාළ අට අවුරුද්ද මුළුල්ලේම රටෙහි සමාදානය පැවතුණේය.

(c) Shilpa Sayura Foundation 2006-2017