ක්‍රි.ව.1706-1739
අගනගරය : සෙංකඩගල නුවර (පා.කා.අවු.33)
විමලධර්මසූරිය රජු ඇවෑමෙන් ඔහුගේ පුත් වූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ හෙවත් කුණ්ඩසාල නම් කුමාරයා රජවිය. ඔහු කලහකාරි අයෙකැයි බාල වයසේදීම ප්‍රකාශ විය. හෙතෙම කුණ්ඩසාල ගමේ රාජ මන්දිරයක් කරවා එහි වාසය කරමින් ක්රෑරකමින් හා දුරාචාරයෙන් කාලය ගත කෙළේය.
එ හෙත් ඕලන්දකාරයන් හා සමාදානයෙන් සිටියේය. වර්ෂ 1721 දී රජුගේ බිසව මියගියෙන් අයිසැක් ඔගස්තීන් රම්ප් ඕලන්දකාරයා විසින් සෙංකඩගල නුවරට තානාපතිවරයෙක් යවන ලද්දේය. තානාපති රාජාමාත්යයන් විසින් පිරිවරන ලදුව දර්ශන ශාලාව ඉදිරියට වන් කළ තිර සතරක් ඉවත් කොට හරින ලද්දේය. ඒ තිර වලට මුවාව රාජාසනාරූඬව උන් රජතුමා දුටු කල්හි තානාපති දණින් වැටුණේය. සෙසු සියල්ලෝම මුණින් වැටී නමස්කාර කළෝය.
ඉක්බිති රජතුමා ඕලන්දකාර අධිපතීන්ගේ සුව දුක් විමසා තානාපති තැන හා මිත්‍ර සම්බන්ධකම් පැවැත්වීය. ඕලන්දකාරයන් රජතුමා සමඟ මිත්‍ර සම්බන්ධකම් පැවැත්වීමට ද රජතුමාගේ අභිවෘද්ධිය සඳහා කටයුතු සම්පාදනය කර දෙන්නට ද
අතිප්‍රසන්න ඇත්තන් බව සැළ කෙළේය. රජතුමා ද ඔවුන් විසින් දක්වන ලද ගෞරවාදිය ගැන සතුටු වී ඕලන්දයින් හා මිත්‍ර සන්ධානයට කැමති බව කීයේය.
ඕලන්දකාරයින් මෙපරිද්දෙන් තානාපතීන් හා පඬුරු යවමින් නරේන්ද්‍රසිංහ රජු රවටාගෙන තමන් වෙළඳාම දියුණු කර ගත්තෝය.
එහෙත් මුහුදුබඩ ප්‍රදේශවල වැසියෝ ඔවුන්ගේ අධර්මයන් නිසා පීඩා වින්දෝය. නරේන්ද්‍රසිංහ රජු තිස් දෑවුරුද්දක් සමාදානයෙන් රාජ්‍ය කොට මිය ගියේය. මේ තෙම සිංහල රජ පෙළපතේ අන්තිම රජු විය.
