දෙවෙනි විමලධර්මසූරිය
 

ක්‍රි.ව.1684-1706
අගනගරය : සෙංකඩගල (පා.කා.අවු.22)

දෙවෙනි රාජසිංහ රජුගේ මරණින් පසු ඔහුගේ පුත්‍ර වූ දෙවෙනි විමලධර්මසූරිය රාජාභිෂේක ලැබ දෙවිසි අවුරුද්දක්‌ රාජ්‍යය කෙළේය. රාජසිංහ රජු තමාගේ මරණාසන්නයේ දී පුත්‍රයාට ඕලන්දකාරයන් හා සමඟ සමාදානයෙන් සිටින ලෙස අවවාද කෙළේ විමලධර්මසූරිය රජු ස්‌චභාවයෙන්ම සමාදානයට හිත ඇත්තෙක්‌ වූ බැවින් පියාගේ අවවාදය පිළිපැදීම ඕහට අමාරු කාරණයක්‌ නුවුයේය.

ඔහු රාජ්‍යය කළ කාලයේ දී බුද්ධාගම පිරිහී ගොස්‌ තුබුණ බැවින් හෙතෙම අරක්‌කන් නම් දේශයට තානාපතීන් යවා භික්‌ෂූන් තිස්‌තුන් නමක්‌ මෙහි ගෙන්වා පෙර පරිද්දෙන් ගැටඹේ කොට උදකුකේඛප සීමායෙහි මනා කොට ගෙයක්‌ කරවා කුල පුත්‍රයන් තිස්‌ තුන් දෙනෙකු උපසම්පදා කර වූයේය.

(c) Shilpa Sayura Foundation 2006-2017