සෙනරත් රජු
 

ක්‍රි.ව.1604-1634
අගනගරය : සෙංකඩගල නුවර (පා.කා. අවු.30)

විමලධර්ම රජුට දෝන කත්‍රිනා බිසවගේ පුත්‍රයෝ දෙදෙනෙක්‌ වූහ. ඔවුන් බාල වයස්‌ කරුවන් නිසා ඌව පාළාත ආණ්‌ඩු කළ කුමාරයෙක්‌ මහනුවර රාජශ්‍රියට පැමිණීමට උත්සාහ කෙළේය. නෑසීගිය රජුගේ සහෝදර වූ සෙනරත් නම් කුමාරයෙක්‌ මහණව සිට සිවුරු හැර ගොස්‌ රජකමට ඔහුට තිබෙන අයිතිය කියා සිටියේය.

මේ අතර කත්‍රිනා බිසව රාජ්‍යය බාරගෙන ඔටුන්න ගැන අයිතිය කියා සිටි කුමාරයන් දෙදෙනාට ඈ ඉදිරියේ පෙනී සිටින ලෙසට ආඥා කළාය. ඔවුන් බිසවුන් බැහැ දකින පිණිස මාලිගාවට එළඹ සිටින අතර සෙනරත් කුමාරයා තම කඩුවෙන් ඇන ඌවේ කුමාරයා මැරුවේය.

ඉක්‌බිති දෝන කත්‍රිනා බිසව සරණ පාවාගෙන රජවිය. මෙතුමා තිස්‌ අවුරුද්දක්‌ මහත් ආශ්චර්&යෙන් රාජ්‍යය කොට වර්ෂ 1634 දී මියගියේය.

(c) Shilpa Sayura Foundation 2006-2017