ක්‍රි.ව.1542-1581
අගනගරය : කෝට්‌ටේ (පා.කා. අවු 39)
භුවනෙකබාහු රජුගෙන් පසුව ඔහුගේ මුණුබුරු වූ දොන් ජුවන් යන නමින් බව්තිස්‌ම ලැබ සිටි ධර්මපාල කුමාරයා ප්‍රතිකාලුන් විසින් කෝට්‌ටේ රජකමට පත් කරන ලදී. එකල්හිම මායාදුන්නේ කුමාරයා සීතාවක නැවතත් අල්ලා ගත්තේය. ප්‍රතිකාලුන් ඔහු සමඟ යුධයට ගොස් පැරදී ආපසු හැරී ගියෝය.
මේ කාලයේ දී දෙමළ රජෙක් යාපනයෙහි ද, වේධය නම් රජෙක් මධ්‍යම පලාතේ පැලැන්ද නුවර ද, එදිරිමානසිංහ නම් කුමාරයෙක් සත් කෝරළයෙහි ද වීරබාහු සෙංකඩගල නුවර ද රජ කළෝය. මායාදුන්නේ රජ ධර්මපාල රජු හා
සමාදානයෙන් සිටින අභිප්‍රායෙන් තමාගේ දියණියන් ධර්මපාල පිය වූ වේධය රජහට සරණපාවා දුන්නේය.
එ සේද වුවත් ඔහුට විරුද්ධවම වේධය රජු ක්‍රියා කළ බැවින් මායාදුන්නේ තමාගේ පුත්‍ර වූ (පසුකාලයක රාජසිංහ යන නමින් ප්‍රසිද්ධ වූ) ටිකිරි බණ්‌ඩාර කුමාරයා නායක කොට කඳුරටට පිටත් කර හැරියේය.
ක්‍රි.ව.1563 දී මායාදුන්නේ රජු කෝට්‌ටේ අල්වා ගන්ට සටනට ආ බැවින් ධර්මපාල රජු ඒ නුවර හැර දමා ගොස් කොළඹ කොටුවේ වාසය කෙළේය. ටිකිරි බණ්‌ඩාර තෙමේ තමන්ගේ පියා මරා රාජ්‍යය පැහැර ගත් බව මහාවංශය සඳහන් කරයි.
ශිල්ප 64