ක්‍රි.ව.1534-1542
අගනගරය : කෝට්‌ටේ (පා.කා. අවු.08)
සත්වෙනි භුවනෙකබාහු රජු අට අවුරුද්දක් කෝට්‌ටේ රජ කෙළේය. මේ කාලයේම මායාදුන්නේ කුමාරයා සීතාවක ද, රයිගම්බණ්‌ඩාර රයිගම ද, ජයවීර බණ්‌ඩාර ගම්පළ ද රජ කළෝය. භුවනෙකබාහු රජු තමාගේ මුනුබුරු වූ ධර්මපාල කුමාරයාට රාජ්‍යය අයිතිකර දෙන පිණිස ප්‍රතිකාල්වරුන්ගෙන් උපකාර ගන්නා බලාපොරොත්තුවෙන් තමන්ගේ ආගමට ද රාජ්‍යයට ද අපකීර්ති ලැබෙන ලෙස ක්‍රියා
කෙළේය.
ඒ, කුමාරයාගේ රූපය රනින් කරවා රන් ඔටුන්නකුත් සමඟ සලප්පු ආරච්චි නම් කෙනෙකු භාරේ ප්‍රතිකාල් දේශයට යවා රූපයට ඔටුනු පළඳවන ලෙස තුන්වන ජෝන් රජුගෙන් ඉල්ලා සිටීමය. ජෝන් රජු ලංකා රාජ්‍ය තමා සතු කරගැනීමේ අදහසින් ඒ
කාරණය කෙරේ සතුටු වී 1541 දී ලිස්‌බන් නුවර රජ මාලිගාවේ උත්සවයක් පවත්වා රන් රූපයට දොන් ජුවන් යන නාමය දී ඔටුනු පැළඳ වූයේය.
මේ ගැන කෝප වූ මායාදුන්නේ කුමාරයා සීතාවක පවුරු බැඳ යුද්ධයට සැරසුණු නමුත් භුවනෙකබාහු රජු ප්‍රතිකාලුන්ගෙ උපකාර ඇතිව මායාදුන්නේ කුමාරයාගේ සේනාව විසුරුවා හැරීය.
