අටවෙනි වීර පරාක්‍රමබාහු
 

ක්‍රි.ව.1485-1505
අගනගරය : කෝට්‌ටේ (පා.කා. අවු.20 යි)

සවැනි භුවනෙකබාහු රජතුමා ගේ සහෝදරයෙක්‌ වූ අටවෙනි වීර පරාක්‍රමබාහු කුමාරයා හත්වෙනි පණ්‌ඩිත් පරාක්‍රමබාහු රජු මරා රාජ්‍යය පැහැරගෙන විසි වසරක්‌ රාජ්‍යය කෙළේය. මේ රජු ඔහුගේ පළමු බිසවගෙන් ධර්ම පරාක්‍රමබාහු, රාජසිංහ, විජයබාහු, රයිගම්බණ්‌ඩාර නම් වූ පුත්‍රයන් සතර දෙනෙකු ද දියණියක්‌ ද වූහ.

පළමු බිසවගේ මරණින් පසු ඇගේ බාල සහෝදරිය සරණ කරගෙන ඇගෙන් ද, සකලවිල අභය, තම්වල අභය නම් වූ පුත්‍රයෝ දෙදෙනෙක්‌ ද වූහ. මේ රජුගේ මරණින් පසු ඔහුගේ පුත් ධර්ම පරාක්‍රමබාහු රජවිය.

(c) Shilpa Sayura Foundation 2006-2017