සුළු පොලීවලදී ණය මුදල ගෙවන වසර ගණනට ඒකීය පොලියක් අයකරයි. වැල්පොලීවලදී වර්ෂයෙන් වර්ෂය ණයට ගත් මුදලට පොලිය ද ණය ලෙස එකතුවේ. මෙම අදහස හරිද?
(I) 5% වාර්ෂික වැල්පොලි අනුපාතිකයකට රු. 1000 ණයට ගත් අයකු වසරකට පසු ගෙවිය යුතු පොලිය කියද ?
පොලිය = 1000 × (5/100)
= රු. 50
(ii) 10% වාර්ෂික වැල්පොලි අනුපාතිකයකට රු. 6000 ක් බැංකුවක තැන්පත් කල අයෙකුට වසරකට පසු ලැබෙන මුළු මුදල සොයන්න.
පොලිය = 6000 × (10/100)= 600
මුළු මුදල 6000+ 600=6600
(iii)15% වාර්ෂික වැල්පොලි අනුපාතිකයකට රු. 10000 ක් මූල්‍ය ආයතනයක තැන්පත් කල අයෙකුට ලැබෙන මුළු මුදල කීයද ?
පොලිය = 10000 × (15/100)= 1500
මුළු මුදල 10000+ 1500=11500
(iv) 18% වාර්ෂික වැල්පොලි අනුපාතිකයකට රු.20000 ක් ණයට ගත් අයෙකු වසර 2 කට පසු ගෙවිය යුතු මුදල කියද ?
පළමු වසරේ පොලිය = 20000 × 18/100 = 3600
දෙවන වසරට පොලිය = (20000 + 3600) ×18/100 = 4248
දෙවන වසර අවසානයේ ගෙවිය යුතු මුළු මුදල = 23600 + 4248
= 27848
(v) රුවිනි රු.10000 මුදලක් 10% ක වාර්ෂික වැල්පොලියකට ණයට ගනි. ඈය වසර 2 කට පසු ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කීයද ?
පළමු වසරට ගෙවිය යුතු පොලිය = 10000 × (10 100)= 1000/-
පළමු වසර අවසානයේ ගෙවිය යුතු මුළු මුදල =10 000 + 1 000
= 11000
දෙවන වසරට ගෙවිය යුතු පොලිය = (11 000 × 1/10)= 1100
දෙවන වසර අවසානයේ ගෙවිය යුතු මුළු මුදල =11000 +1100
= 12100
II) ඇය මෙම මුදල 10% සුළු පොලී අනුපාතිකයකට ණයට ගත්තේ නම් ඇයට ලැබෙන වාසිය කීයද ?
වාර්ෂික පොලිය = 10000 × 1/10= 1000
ඇය වසර දෙකකදී ගෙවිය යුතු මුළු මුදල = 2000
ඇය වසර දෙකකදී ගෙවිය යුතු මුළු මුදල = 10 000 + 2000
= 12000
එම නිසා ඇයට වැල් පොලි ක්‍රමය වෙනුවට සුළු පොලි ක්‍රමය භාවිතා කරේ නම් අත්වෙන වාසිය,
=12100 – 12 000 = 100