සයවැනි ශ්‍රී පරාක්‍රමබාහු
 

ක්‍රි.ව.1415-1467
අගනගරය : කෝට්‌ටේ (පා.කා. අවු.52 යි)

දෙවෙනි වීරබාහු රජුගෙන් පසු හයවෙනි ශ්‍රී පරාක්‍රමබාහු රජ බවට පැමිණ අවුරුදු පනස්‌ දෙකක්‌ කෝට්‌ටේ රජ කෙළේය. ඔහු කෝට්‌ටේ තුන් මහල් ප්‍රාසාදයක්‌ කරවා දන්තධාතුව තැබුයේය. මේ රජ සමයේ තොටගමුවේ ශ්‍රී රාහුල නමින් ප්‍රසිද්ධ ස්‌ථවිරයන් වහන්සේ ජීවත්ව සිටියේය.

(c) Shilpa Sayura Foundation 2006-2017