ක්‍රි.ව.1246-1250
අගනගරය : දඹදෙණිය (පා.කා. අවු.04)
මාඝ රජු රාජ්‍යය කරන කාලයේ දී සිංහල කුමාරයෝ මහා දුර්ග පර්වතයන්හි සැගවී වාසය කළෝය. එකල්හි සංඝබෝධි වංශයෙන් පැවත ආවා වූ විජයබාහු නම් කුමාරයෙක් සතුරු බියෙන් වනයට වැද එහි බොහෝ කලක් වාසය කොට ඉක්‌බිති සිංහල අමාත්‍යන් සමඟ එක්‌වී මහත් සේනාවක් සමඟ නික්‌ම දෙමළ සේනා පලවා හැර මායා රට අත්පත් කොට ගෙන දඹදෙණි පර්වතයෙහි නුවරක් ගොඩ නඟා එහි වාසය කරමින් සතර අවුරුද්දක් රාජ්‍යය කෙළේය. මේ රජු ද්‍රවිඩයන් විසින් බිඳ හෙලූ කැළණි වෙහෙර චෛත්‍යය ප්‍රකෘතිමත් කරවීය.
