මාඝ (කාලිංග විජයබාහු)
 

ක්‍රි.ව.1225-1246
අගනගරය : පොළොන්නරුව (පා.කා.අවු.21 යි)

පරාක්‍රමපණ්‌ඩු රජු රජ පැමිණි තුන්වැනි අවුරුද්දේ මාඝ නම් වූ අධාර්මික රජෙක්‌ කලිගු රටින් පැමිණ ලංකා රාජ්‍යය පැහැර ගත්තේය. මේ රජුගේ සේවකයෝ මිනිසුන්ගේ වස්‌තු පැහැර ගත්තෝය. පිළිම ගෙවල් සහ චෛත්‍යයන් වැනසුවෝය.

පොළොන්නරුව හාත්පසින් සිරකොට පරාක්‍රම පණ්‌ඩු රජු අල්වා ඒ රජුගේ ඇස්‌ උපුටා සියලු ධනය පැහැර ගත්හ. ඉක්‌බිති මාඝ රජු ලංකා රාජ්‍යයෙහි අභිෂේක ලැබ පොළොන්නරුවෙහි වාසය කෙළේය. සිංහලයන්ගේ කෙත්වතු ආදිය දෙමළ සේනාවන්ට දුන්නේය. මේ රජු මෙවැනි බලාත්කාර ක්‍රියා කොට එක්‌විසි වසක්‌ ලක්‌දිව පාලනය කෙළේය.

(c) Shilpa Sayura Foundation 2006-2017