ඉදිරියට ගමන් කරන තරංගයක් ප්‍රගමන තරංගයක් (Progressive wave) ලෙස හැදින් වේ.
තිර්යක් තරංගයක් හට ගැනීමේදී එහි සංඛ්‍යාතය 10Hz නම් තත්පරයට ශීර්ෂ 10ක් හා නිම්න 10ක් හටගන්නා ලෙස සැලකිය හැකිය.
තරංග ආයාමය 0.2m නම් තත්පරයක් තුළදී එවැනි දිග කොටස් 10ක් ගමන් කරයි.
එමනිසා මේ රාශී අතර පවතින සම්බන්ධය වන්නේ
මෙම සමීකරණය ඕනෑම තරංග චලිතයකට පොදුය.
අන්වායාම තරංගයක අංශු ළං ළංව පිහිටි ස්ථාන මන්පීඩන (Compressions) ලෙස අ අංශු ඈත් වී පිහිටි තැන් විරලන (Rarefactions) ලෙස ද හැදින් වේ.
අන්වායාම තරංගයක අනුයාත සම්පීඩන දෙකක්අතර දුර හෝ අනුයාත විරලන දෙකක් අතර දුර හෝ තරංග ආයාමය වේ.
විද්‍යුත් චුම්භක තරංග නමින් හැදින්වෙන තරංග විශේෂයක් ද ඇති බව ඔබ දනී.විද්‍යුත් තරංග හට ගැනීමට පදාර්ථ අංශු කම්පනය වීමක් සම්බන්ධ නොවේ.
ධිවනි ප්‍රභවයකින් බැහැරට ශක්ති සම්ප්‍රේෂණය සිදුවන්නේ කෙසේදැයි මීළඟට විමසා බලමු.
වාතයේ තබා ඇති ධ්වනි ප්‍රභවයක් කම්පනය වීමේ දී එය වටා ඇති ආසන්නම වාත ස්තර වල සම්පීඩන හා විරලන ඇති වෙයි.
ධ්වනි ප්‍රභවයක් කම්පනය වීම සදහා වාතයේ හෝ වෙනත් මාධ්‍යයක හෝ හට ගන්නා සම්පීඩන හා විරලන ශ්‍රේණියක අංශු ද කම්පනය වන්නේ ප්‍රභවයේ කම්පන සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයකින් ම වේ.
ඉහතසදන් ආකාරයට හට ගන්නා ධ්වනි තරංගයක් (නිරෝගී) මිනිස් කනකට සංවේදී වේ නම් එය මිනිසාට ශ්‍රව්‍ය ධ්වනි තරංගයක් (ශබ්ද තරංගයක්) වේ.
මිනිස් කනට ඇසීමට හැකි වන ධ්වනි තරංගවල සංඛ්‍යාත පරාසය 20Hz සිට 20,000Hz දක්වා විහිදේ.
වාතය තුළින් ධ්වනි තරංග ගමන් කරන සාමාන්‍ය වේගය 340ms-1 පමණ වේ.
තවද වවුලාට 20,000Hz ට ඉහළ සංඛ්‍යාතයකින් යුක්ත ධ්වනි තරංග ඇසේ.