අැනලොග් සහ ඩිජිටල්
 
ඉලෙක්ට්‍රොණික උපකරණ සරළ විදුලි බලය විද්‍යුත් සංඥාවකට (Electronic Signal) හරවයි. එම සංඥා ඇනලොග් (Analog) හා ඩිජිටල් (Digital) යනුවෙන්ව ර්ග 2 කි.

ඇනලොග් එනම් "ප්‍රතිසම" සංඥාවක් උපරිම හා අවම අගයන් 2ක් අතර අගයන් රැසක් ලබාදේ. උදාහරණ කටහඬ, උෂ්ණත්වය, ආලෝක ත්‍රීවරතාවය ආදී වේ. වෝල්ට් 5කි න් වැඩ කරන පරිපථයක, 0 හා 5 අතර විවිධ වෝල්ටීයතා මට්ටම් අැතිකරන්නට පුළුවන්. පරිගණකයේ ස්පීකරය ඇනලොග් උපාංගයකි.

ඩිජිටල් තාක්‍ෂණය පදනම් වී ඇත්තේ "අංකිත" සංඥා මතයි. එහි උපරිම (HIGH) හා අවම (LOW) අගයන් දෙකක් පමණක් තිබේ. ඒවා 1 සහ 0 ලෙස සලකමු. ඩිජිටල් පරිපථයක වෝල්ටීයතාව උපරිමය 5v ලෙසද අවමය 0v ලෙසද නිරූපනය කෙරේ. නමුත් ප්‍රායෝගිකව වෝල්ටියතාවයේ උපරිමය 2.4v - 5v දක්වාද, අවමය 0- 0.8v දක්වාද විය හැක.


ආඩුයිනෝවේ ඇනලොග් හා ඩිජිටල් සම්බන්ධතා සඳහා අග්‍ර පේලි දෙකක් ඇත. ඒවා Analog හා DIGITAL ලෙස නම් කර ඇත. උපාංග සවිකිරීමේදී ඇනලොග් උපකරණ Analog අග්‍රවලට සම්බන්ධ කරමු. ඩිජිටල් උපකරණ DIGITAL අග්‍රවලට සවිකරමු.

  • මේ අනුව අපට පරිපථයේ ඇනලොග් හා ඩිජිටල් සංඥා ජනනය කිරීමටද, එහි ජනනය වන සංඥා කියවීමටද හැකිවේ.

  • මෝටරයක් කැරකැවීම, උශ්ණත්ව සංවේදකයකින් දත්ත ලබාගැනීම, කරකවන යතුරකින් බුබුලක ආලෝකය පාලනය ආදි ක්‍රියා අැනලොග් හා ඩිජිටල් සංඥා ආඩියුනෝ කේතනයේදී භාවිතා කරයි. 

(c) Shilpa Sayura Foundation 2006-2017