විභව පාලන මෝටරය
 
විභව යතුරකින් ලබාදෙන ස්ථානය වෙත මෝටරයක් කැරකැවීම අපගේ අරමුණයි. විභව යතුර කරකවන විට එහි ප්‍රතිරෝධය වෙනස් වේ. එහි එක වටයකට ස්ථාන 1023 ක් තිබේ. සර්වෝ මෝටරයේ අවස්ථා 180කි. මේ අනුව විභව යතුර දෙන අගය 180ට අගයා මෝටරයට ලබාදීමෙන්, විභව යතුරට සාපේක්‍ෂව මෝටරය කැරකැවිය හැක.

සර්වෝ මෝටරයේ power, ground, and signal සඳහා වයර 3ක් අැත. power වයරය රතුය. එය ආඩියුනෝවේ 5V අග්‍රයට සවි කල යුතුය. කලු හෝ දුඹූරු ground වයරය ground අග්‍රයටද, signal අග්‍ය කහ හෝ තැඹිලි අග්‍රය 9 අග්‍රයටද සවි කල යුතුය.

විභවමාන යතුරේ පිටත අග්‍ර +5V හා GND ටද, මැද වයරය අැනලොග් 0 අග්‍රයටද සවි කල යුතුය.

ක්‍රියා කරන අයුරු 
සර්වර් මෝටර පාලනය සඳහා ආඩියුනෝ Servo.h මොඩුයුලය ලබාදෙයි' අපගේ කේතයට එය ඇතුලත් කරගත් පසු සර්වර් මෝටර පාලනයට සර්වෝ වස්තුවක් ජනනය කරගත හැක. ඉන්පසුව එම වස්තුව මෝටරයට අමුණා, ඒ හරහා නිකුත් කරන විධාන වලට මෝටරය වැඩ කරයි.
//ආඩියුනෝ මොඩියුල එකතු කිරීම
#include <Servo.h>

//අර්ථ දැක්වීම
Servo myservo;  // මෝටරය සඳහා වස්තුව object

int potpin = 0;  // විබව යතුර සඳහා analog 0 අග්‍රය 
int val;    // විබව යතුරේ අගය සඳහා විචල්‍ය

void setup() {
  myservo.attach(9);  // මෝටර වස්තුව 9 අග්‍රයට අමුණන්න
}

void loop() {
   // විභව යතුරේ අගය ගන්න 
  //එහි අගය 0 හා  1023 අතර වේ
  val = analogRead(potpin);    
  //  0 හා 1023  අතර අගය 0 සිට  180ට අගයන්න 
  val = map(val, 0, 1023, 0, 180);     
  myservo.write(val);    //මෝටරයට ස්ථානය යවන්න                
  delay(15);   // මෝටරය යනකන් ටිකක් ඉන්න
}
(c) Shilpa Sayura Foundation 2006-2017