නයිට් රයිඩර් ආචරණ පාලකය
 
මෙහිදී ඔබ අත්හදා බැලූ නයිට් රයිඩර් පරිපථයට විභවමාන පේනුවක් (potentiometer switch) භාවිතයෙන් ආචරණය පාලනය කරන සැලසුම පහත පරිදි වේ. 

ඔබ මෙහිදී 4K7 විභවමාන පේණුවක භාවිතා කරයි. එහි පාද තුන 5V, GND හා අැනලොග් අග්‍ර 5 ((Pin 5) සම්බන්ධ කර ඇත. පේණුවේ හැඬලය කරකවන විට ප්‍රතිරෝධය වෙනස් වන බැවින් අග්‍ර 5 ආදානය කරන ධාරාව වෙනස් වේ. අප එය මනිමු.

ඒ සඳහා කේතය පහත වේ.
//අරාව අර්ථ දැක්වීම
byte ledPin[] = {4, 5, 6, 7, 8, 9, 10,
11, 12, 13};
int ledDelay; // වෙනස අතර නැවතීම
int direction = 1; // දිශාව
int currentLED = 0; // වත්මන් බල්බ අංකය
unsigned long changeTime; // කාල වෙනස

int potPin = 0; // විභවමාන අැනලොග් අග්‍රය

void setup() {
 // සියලු අග්‍ර ප්‍රතිදාන ලෙස සැකසීම
 for (int x=0; x<10; x++) {
       pinMode(ledPin[x], OUTPUT); }
      changeTime = millis(); //ආරමිභක කාලය
}

void loop() {
   // විභවමාන පේණුවේ අගය කියවීම
   ledDelay = analogRead(potPin);
   // අවසාන අවස්ථාවේ සිට ledDelay ms කාලයක් ගතවී නම්
 if ((millis() - changeTime) > ledDelay) {
      changeLED(); // බල්බය වෙනස් කරන්න
      changeTime = millis(); // අලුත් කාලය
 }
}

void changeLED() {
 // සියලු බල්බ නිවන්න
 for (int x=0; x<10; x++) {
     digitalWrite(ledPin[x], LOW);
 }
 // වත්මන් බල්බය දල්වන්න
  digitalWrite(ledPin[currentLED],HIGH);
 // දිශාව වැඩ් කිරීම
 currentLED += direction;
 // අවසාන බල්බයේ දිශාව වෙනස් කරන්න
 if (currentLED == 9) {direction =-1;}
 if (currentLED == 0) {direction = 1;}
}
(c) Shilpa Sayura Foundation 2006-2017