නයිඩ් රයිඩර් ආචරණය
 
නයිට් රයිඩර් LED අරාවක් භාවිතා කරයි.
ඔබට මේ සඳහා රතු LED 10ක් හා ඕම් 220 ප්‍රතිරෝධක 10ක් අවශ්‍ය වේ.
ප්‍රතිරෝධ LED බල්බයේ දිග කකුලට (ඇනෝඩය) හා ආඩුයිනෝ අග්‍ර 0 සිට 9 දක්වා සම්බන්ධ කර ඇත. ප්‍රතිරෝධක LED බල්බය දැවී යාම වලකීම සඳහා බව ඔබ දනී.



LED බල්බයේ කෙටි කකුල් (කැතෝඩය) සියල්ල ඉලෙක්ට්‍රෝනික පුවරුවේ බිම් (Ground) පතයට සම්බන්ධ කර ඇත. බිම් පතය ආඩුයිනෝවේ GND අග්‍රයට සම්බන්ධ කර ඇත.

නයිට් රයිඩර් කේතය
//අරාව සහ එහි අවයව බයිට ලෙස දක්වන්න
byte ledPin[] = {4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13};
int ledDelay(65); // වෙනස අතර නැවතුම 
int direction = 1; // දිශාව
int currentLED = 0; //වත්මන් බල්බය
unsigned long changeTime; //කාල වෙනස

void setup() {
 // 0-9 දක්වා අග්‍ර ප්‍රතිදාන ලෙස නියම කරන්න
 for (int x=0; x<10; x++) {
       pinMode(ledPin[x], OUTPUT); }
       changeTime = millis();
}

නොනවතින චක්‍රය
void loop() {
    // අවසාන වෙනස සිට ledDelay කාලයක් ගෙවී ඇති නම්  
    if ((millis() - changeTime) > ledDelay) {
          changeLED(); // LED වෙනස් කරන්න
        //මේ කේතය දිවීමට පටන්ගත් අවස්ථාවේ සිට කාලය මිලිතත්පර 
        // මේ අගය දින පණහකට පසු 0 වේ.
        changeTime = millis(); //වෙනස් වූ වේලාව }
    }

    // බල්බය වෙනස් කරන ශ්‍රීතය
void changeLED() {
    // සියලු බල්බ නිවන්න
    for (int x=0; x<10; x++) {
         digitalWrite(ledPin[x], LOW);
    }
    // වත්මන් බල්බය දල්වන්න 
    digitalWrite(ledPin[currentLED], HIGH);
    // direction අගය එකතු කරන්න
    currentLED += direction;
    // 9 වැනි හෝ 0 බල්බයට ලඟාවීනම් direction වෙනස් කරන්න. 
    if (currentLED == 9) {direction = -1;}
    if (currentLED == 0) {direction = 1;}
} 
(c) Shilpa Sayura Foundation 2006-2017