මොනොසැකරයිඩ් අණු රාශියක් බහු අවයවිකරණය වීමෙන් පොලිසැකරයිඩ සෑදේ. එසේම පොලිසැකරයිඩ ජල විච්ඡේදනය වීමෙන් නැවත මොනොසැකරයිඩ සෑදේ. ඇල් ජලයේ අද්‍රාව්‍යයි. ස්ථටිකරූපි නොවේ. සෙලියුලෝස්, පිෂ්ටය හා ග්ලයිකොජන් පොලිසැකරයිඩ සඳහා නිදසුන් වේ.
සෙලියුලෝස් පිෂ්ටය හා ග්ලයිකොජන් යන පොලිසැකරයිඩවල තැනුම් ඒකකය ග්ලූකෝස් වන නමුත් පවතින ග්ලූකෝස් අණු සම්බන්ධ වන ආකාරය විවිධ වීම නිසා ඒවායේ ස්වභාවය එකිනෙකට වෙනස් වේ.