analogWrite() ශ්‍රීතය භාවිතාකර LED බල්බයක් දැල්වීම, ආලෝකය අඩුකරමින් නිවීමට pulse width modulation (PWM) යොදාගනියි.
පළමුව LED බල්බයේ ඇනොඩය (anode)එනම් දිග ධන කකුල 9 අග්‍රයට 220 ohm ප්‍රතිරෝධකයක් හරහා සම්බන්ධ කරන්න. දෙවනුව LED බල්බයේ කැතෝඩය (cathode) එනම් කොට සෘණ කකුල ground අග්‍රයටද සම්බන්ධ කරන්න.
int led = 9; // LED සම්බන්ධ කල PWM pin
int brightness = 0; // මුල් LED දීප්ති මට්ටම
int fadeAmount = 5; // දීප්ත මට්ටම් ගනනvoid setup() {
// 9 අග්‍රය ප්‍රතිදානයකි:
pinMode(led, OUTPUT);
}void loop() {
//දීප්තිය සකසන්න
analogWrite(led, brightness);
// දීප්තිය වෙනස් කරන්න:
brightness = brightness + fadeAmount;
// දීප්තියේ අගය වෙනස් කරන්න
// දීප්තිය 0 වඩා කුඩා හෝ සමාන නම්ද
// හෝ
// දීප්තිය 255ට වඩා හෝ සමාන නම්
if (brightness <= 0 || brightness >= 255) {
// දිප්ති වෙනස් කරන ප්‍රමාණයේ අගය ධන සෘණ මාරුව
fadeAmount = -fadeAmount;
}
//
// මිලි තත්පර 30 ක් ඉන්න
delay(30);
}
මෙම කේතය සඳහා එක් එක් වාරයේ දීප්තිය ගණනය කර වගුවක් අඳින්න.