ඩිගිටල් රේඛීය කියවීම -Digital ReadSerial
 
ඔබ ආඩියුනෝ අග්‍රයකට සම්බන්ධ කරන උපාංගයක තත්වය දැනගැනීමට පහත කේතය භාවිතා කල හැක. එම දත්තය ආඩියුනෝ හි සීරියල් මොනිටරයට ලැබේ. මේ සඳහා ඔබන පේණුවක (Push Button Switch) එකක් 10k ප්‍රතිරෝධයක් හරහා ආඩියුනෝ පුවරුවේ කලු Ground අග්‍රයටද, අනෙක 2 අග්‍රයටද තුන්වැන්න රතු වෝල්ට් 5 ධාරාවටද සම්බන්ධ කළ යුතුය.


ඔබන බොත්තම මුලදී ධාරාවක් ගලා නොයන නිසා ආරම්භයේදී එය LOW හෝ 0 ලෙස කියවයි. බොත්තම එබුවිට එහි අග්‍ර දෙක අතර ධාරාවක් ගලා HIGH හෝ or 1 ලෙස කියචයි.
// digital pin 2 ට බොත්තම් පේණුව අමුණා ඇත.
int pushButton = 2;

void setup() {
  // රේඛීය සන්නිවේදනය සඳහා සැකසීම 
  //initialize serial communication 
  // 9600 bits per second:
  Serial.begin(9600);
  // pushbutton එක ආදානයක් ලෙස ගන්න
  pinMode(pushButton, INPUT);
}

//සදාකාලික ලූපය
void loop() {
  // input pin කියවන්න
  int sensorValue = digitalRead(pushButton);
  // button තත්වය ප්‍රතිදානය කරන්න:
  Serial.println( sensorValue);
  delay(1);        // කියවීම් දෙකක් අතර මදක් නවතින්න
}


(c) Shilpa Sayura Foundation 2006-2017