ඔබ ආඩියුනෝ පුවරුවට සම්බන්ධ කරන පොටෙන්ටියෝ මීටයරක අැනලෝග් තත්වය දැනගැනීමට පහත කේතය භාවිතා කල හැක. එම දත්තය ආඩියුනෝ හි සීරියල් මොනිටරයට ලැබේ. මේ සඳහා ඔබ පොටෙන්ටියෝ මීටරයක් පහත පරිදි ආඩියුනෝවට සම්බන්ධ කළ යුතුය.
පොටෙන්ටියෝ මීටරයේ මැද අග්‍රය ආඩියුනෝහි A0 අග්‍රයටද , දෙපස අග්‍ර +5V සහ ground අග්‍ර වලටද සම්බන්ධ කර ඇත. ඔබ පොටෙන්ටියෝ මීටරය කරකවන විට එහි ධාරාව වෙනස් වේ.
පොටෙන්ටියෝ මීටරයේ මැද අග්‍රය ආඩියුනෝහි A0 අග්‍රයටද , දෙපස අග්‍ර +5V සහ ground අග්‍ර වලටද සම්බන්ධ කර ඇත. ඔබ පොටෙන්ටියෝ මීටරය කරකවන විට එහි ධාරාව වෙනස් වේ.
void setup() { Serial.begin(9600); } void loop() { // analog pin 0 කියවන්න int sensorValue = analogRead(A0); Serial.println(sensorValue); delay(1); // මොහොතක් නතර වන්න }
පොටෙන්ටියෝ මීටරය කරකවන විට අැනලොග් අගයක් තීරණය වන අයුරු සාකච්චා කරන්න.