ආඩියුනෝ භාවිතා කිරීම
 
LED යනු Light Emitting Diode වේ.
එය කුඩා සෙමිකන්ඩක්ටර පළිඟුවකි. එයට විදුලි ධාරාවක් ලබාදුන් විට
ආලෝකය නිකුත් කරයි. කාලයකදී එය වියැකී යයි.

LED බල්බය අග්‍ර දෙකක් සහිතය. කෙටි අග්‍රය කැතෝඩය (-) වන අතර දිග අග්‍රය ඇනෝඩය (+) වේ. බල්බය දැල්වීමට අැනෝඩයට වෝල්ට් 1.8 - 2.2 අතර සරළ විදුලියක් ලබා දිය යුතුය.

LED බල්බය ආඩියුනෝවේ වෝල්ට් 5 ක ධාරාවට කෙලින්ම සම්බන්ධ කලහොත් LED බල්බය දැවී යයි.  
 

ධාරාවක අමතර බලය සහ උණුසුම උරාගැනීමට අප ප්‍රතිරෝධක භාවිතා කරමු.
LED බල්බයට ධාරාව නිතරම 330 ඕම් (Ω) පමණ ප්‍රතිරෝධයක් (Resistor) හරහා දිය යුතුවේ. LED බල්බයකට යොදන ප්‍රතිරෝධය ගණනය කිරීමට හැකිය.
ආඩියුනෝ සඳහා ප්‍රතිරෝධක හඳුනාගන්නේ වර්ණ 4 ක කේතයකිනි (color code).

පහත වගුව ආධාරයෙන් ප්‍රතිරෝධ හඳුනා ගත හැක.

පලමු සහ දෙවන තීරවල වර්ණ ලබාදෙන අංක 2 තෙවන තීරයේ අංකයෙන් ගුණ කිරීමෙන් ප්‍රතිරෝධයේ ඕම් (Ω) ගණන ලැබේ.

හතරවන තීරයෙන් (Tolerance) එනම් ප්‍රතිරෝධය කොතෙක් දුරට වෙනස්විය හැකිද කියයි.

පහත ප්‍රතිරෝධ සඳහා වර්ණ මොනවාද?
10Ω, 100Ω, 330Ω, 500Ω, 1KΩ, 10KΩ, 100KΩ, 150KΩ, 300KΩ, 4700Ω

බහු මානය එනම් මල්ටි මීටරය භාවිතා කර ධාරාව, වෝල්ටියතාව සහ ප‍්‍රතිරෝධය මැනීමට හැකිය. පුහුණුව සඳහා බහුමානයකින් ප්‍රතිරෝධ, බල්බ වෝල්ටියතාව සහ ප‍්‍රතිරෝධය මැන බලන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017