ක්‍රි.ව.1197-1198
අගනගරය : පොළොන්නරුව (පා.කා. අවු.01 යි)
පළමුවෙනි පරාක්‍රමබාහු ඇවෑමෙන් ඒ රජාණන් බෑන වූ දෙවෙනි විජයබාහු රජවිය. හෙතෙම රාජ්‍යශ්‍රීයට පැමිණි වහාම සිරගෙවල් වල සිටි මිනිසුන් නිදහස් කරවීය. මේ රජු නීතක්‍රමය නොඉක්‌මවා රාජ්‍යය අනුශාසනා කළ නමදු එක් මිත්‍රද්‍රෝහි වූ මිහිඳු නම් කුමාරයෙක් දුෂ්ට ප්‍රයෝගයකින් ඔහු මරවා රාජ්‍යය පැහැර ගත්තේය.
